Covid 19World

කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට

කොරෝනා වෛරසයෙන් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ  එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් ඇති අතර රෝගය වැළඳුනු තවත් ඥාතීන් තිදෙනෙකු රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

ඥාති පවුල් කිහිපයක හමුවකට සහභාගී වීමෙන් පසු 73 හැවිරිදි ග්‍රේස් ෆුස්කෝ සහ ඇගේ වැඩිහිටි දරුවන් හයදෙනා  රෝගාතුර විය.

තවත් ඥාතීන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ස්වයං නිරෝධායනය කරමින් සිටින අතර ඔවුන් ද ආසාදනය වී ඇත්දැයි සැකකරන බව බලධාරීහු පවසති.

මියගිය පවුලේ සාමාජිකයන් සිව් දෙනා වන්නේ ග්‍රේස් ෆුස්කෝ සහ ඇගේ දරුවන් වන රීටා ෆුස්කෝ-ජැක්සන්, කාර්මයින් ෆුස්කෝ සහ වින්සන්ට් ෆුස්කෝ ය.

කතෝලික පාසල් ගුරුවරියක වන 55 හැවිරිදි රීටා ෆුස්කෝ-ජැක්සන් සිකුරාදා මිය ගියාය.
රාජ්‍ය සෞඛ්‍ය කොමසාරිස් ජුඩිත් පර්සිචිලි පවසන පරිදි ඇයට වෙනත් සෞඛ්‍ය ගැටලු තිබී නොමැත.

නිව් ජර්සි සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ එම ප්‍රාන්තයේ කොවිඩ් -19 රෝගයෙන් මියගිය දෙවන පුද්ගලයා ෆුස්කෝ-ජැක්සන් මහත්මිය බවයි. 

පළමු මරණය ද ෆුස්කෝ පවුලේ රැස්වීමකට සහභාගී වූ අයෙකුගේ බව ඔවුහු පවසති.

පවුලේ සාමාජික පැරඩිසෝ ෆොඩෙරා පවසන්නේ එම හමුවට සහභාගී වූ පවුලේ සාමාජිකයින් 19 දෙනෙකු දැන් ස්වයං නිරෝධායනයට වී සිටින අතර ඔවුන්ගේ වෛරස් පරීක්ෂණවල ප්‍රතිඵල දැන ගැනීමට සතියකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවී ඇති බවයි.

Related posts

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

colombotoday

IDH රෝහලේ හෙදියකටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ආජන්ටිනාවේ ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

colombotoday

මුස්ලිම් විරෝධී විරෝධතා යුරෝපය ගිනියම් කරයි – Photos

colombotoday

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

colombotoday

AI ජාත්‍යන්තර රාමුවක් ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

Admin