ඊයේ පැවති සමරු උත්සවයකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් විසින් ජනතා විමුක්ති පෙරමුණ දැඩිලෙස දෝෂ දර්ශනයට ලක්කළා. මෙහිදී පුබුදු ජාගොඩ මහතා අදහස් දක්වමින් ප්රකාශ කලේ,
“තමන් කරන නිහින දේශපාලනය වහගන්න රෝහණ විජේවීර සහෝදරයට අවමන් කරනවා. ඒ දවස්වල කාගෙවත් එක්ක ඩීල් එකක් තිබ්බේ නෑ. ඩීල් තිබ්බනම් ජිවිත බේරගන්න තිබුනා. මැරිලා පෙන්නුවා ඩීල් තිබ්බේ නෑ කියලා.
ධනේශ්වර පිළිකනුවල ලගින අයටයි, රතු කොඩිය රදල වලවුවල වලන් බාන්න පාවිච්චි කරපු ද්රෝහියන්ටයි අරගලය වැරදිලෙස අර්ථදක්වන්න දෙන්න බෑ “