හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර සිටියා.
2016 වසරේදී රිය අනතුරක් සිදුකර පලායාම ඇතුළු චෝදනා කිහිපයක් මත කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක අද (18) සවස අත්අඩංගුවට ගනු ලැබුවා.