Business

පාන් වැඩි කිරීමේ තීරණය අත්හිටුවයි

පාරිභෝගික කටයුතු අධිකාරිය කළ ඉල්ලීමකට අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව ඉවත් කරගත් බව බේකරි හිමියෝ සඳහන් කරති.

රජයේ සහතික මිලට වඩා රුපියල් අටයි ශත විස්සක (8.20) මුදලකට තිරිඟු පිටි කිලෝවක් අලෙවි කිරීමට කටයුතු කිරීම නිසා ඊට සාපේක්‍ෂව ඊයේ (19දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගම් තීරණය කර තිබිණි.

එනමුත් තිරිඟු පිටි මිල ඉහළ දැමීම නීතිවිරෝධී ක්‍රියාවක් නිසා එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (19දා) පොරොන්දු වූ බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

එම නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන ලෙසට පාරිභෝගික කටයුතු අධිකාරිය බේකරි හිමියන්ගේ සංගම්වලින් ඉල්ලීමක් කළ බවද ඔවුහු සඳහන් කරති.

Related posts

කොටස් ‌වෙළෙඳපොළ අතරමග නවතී.

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

ජනවාරියේ දී කාර් ලියාපදිංචිය සියයට 11 කින් පහළට

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin

කොටස් වෙළෙඳපොලේ ගනුදෙනු නවතයි

colombotoday

රවීගේ 90% වලංගු නැහැ. වාහන ලීසිං වටිනාකමෙන් 70% පමණයි. මහ බැංකුව මුල්‍ය ආයතනවලට නියෝග කරයි.

colombotoday