Business

ජනවාරියේ දී කාර් ලියාපදිංචිය සියයට 11 කින් පහළට

2017 ජනවාරි මාසයේ දී මෙරට ලියාපදිංචි කර ඇති මෝටර් කාර් ප්‍රමාණය 3,101 ක් බවත් එය 2016 දෙසැම්බර් මාසයේ දී ලියාපදිංචි කරන ලද මුළු කාර් ප්‍රමාණය වන 3,487 හා සැසඳීමේ දී සියයට 11 ක පහළ යාමක් බවත් වාර්තා වේ. JB Securities විසින් සිදුකරන ලද අධ්‍යයනයක දී මේ බව අනාවරණය වී ඇත.

මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙරට තුළ ලියාපදිංචි කර ඇති සමස්ත මෝටර් රථ ප්‍රමාණය වන 45,218 හා සැසඳීමේ දී ජනවාරි මාසය තුළ කර ඇති වාහන ලියාපදිංචිය 42,443 ක් ලෙසින් සඳහන් වේ. මෙය සියයට 6 ක පහළ යාමකි.

මෙලෙස ලියාපදිංචි කර ඇති වාහනවලින් ඒකක 31,158 ක්ම සමන්විත වී ඇත්තේ යතුරුපැදි වලිනි.

මේ අතර 2017 ජනවාරි මාසයේ දී ලියාපදිංචි කර ඇති ත්‍රීවීල් රථ ප්‍රමාණය 3,327 ක් වන අතර 2016 දෙසැම්බර් මාසයේ දී ලියාපදිංචි කර ඇති ත්‍රීවිල් ප්‍රමාණය වූ 6,057 හා සැසඳීමේ දී සියයට 45 ක පහළ යාමකි.

2017 අයවැය යෝජනාවලට අනුව මෝටර් රථ වාහන සඳහා මූල්‍යකරණයේ දී සීමාවන් පැනවීම හේතුවෙන් මෙලෙස ඇතැම් වාහන කාණ්ඩවල ලියාපදිංචියෙහි විශාල පහත යාමක් වාර්තා වී තිබෙන බව අධ්‍යයනය සිදුකරනු ලැබූ JB Securities ආයතනය සඳහන් කර සිටී.

නව මෝටර් කාර් රථ සඳහා වන අගය මත ණය සීමාව (LTV) කාර් සඳහා 50% ක් හා ත්‍රීවිල් රථ සඳහා 25% ක් දක්වා එහිදී සීමා පැනවිණි.

Related posts

බේකරි නිෂ්පාදන මිල ඉහළට.

colombotoday

කටු­නා­යක රොබෝ කැ‍ෆේ. ලංකාවේ ප්‍රථ­ම­ව­රට රොබෝ වේටර් සේව­යක්!

colombotoday

ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි – තිරිගු පිටි තොග නිකුත් කිරිම එජන්තවරුන් සිමා කරයි

colombotoday

අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ඩොලර් බිලියන 5.5 ඉක්මවයි

colombotoday

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

Food goes digital: Online grocery shopping becomes popular

colombotoday