BusinessColombo Today Local News

තොරතුරු තාක්ෂණයේ අනාගත නියමුවන් බිහිකරන Future IT දීපව්‍යාප්ත වැඩමුළුවේ සමාරම්භය

feature itදෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබනFUTURE ITසම්මන්ත්‍ර‍ණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍ර‍ණය 2016 ජනවාරි 02 වන සෙනසුරාදා දින එස්.ද.එස්. ජයසිංහ ශාලාවේදී තොරතුරු තාක්ෂණ විෂයට ඇලුම් කරන්නන් පන්සියයක අධික පිරිසක් සමගින් ඉතා සාර්ථකව පවත්වන ලදී.

පුරා පැය අටක් තොරතුරු තාක්ෂණ විෂයේ අනාගත ක්‍රියාකාරකම් විවිධ මාතෘකාගත දේශන කිහිපයක් මගින් විස්තර කරනු ලැබිණ. ආරම්භක දේශනය වූ Discover Your Strngthමගින් තොරතුරු තාක්ෂණය විෂය හදාරන්නන්ට බලපානු ලබන බාධක ජය ගන්නා අයුරු මනරම් ලෙස ජීවිත අත්දැකීම් සමග ප්‍ර‍ාභාත් ෆොන්සේකා (MVP/MCT/MSc/MCPD) මැතිතුමන් විසින් පැහැදිලි කරනු ලැබිණ. ඉන් පසුව ආරම්භ වූ My Perfect Jobදේශනයේ දේශකයා වූ නලින් හෙට්ටිආරච්චි මැතිතුමා(Bsc./ MCT/CCNA/MCSE/MCITP) විසින් තොරතුරු තාක්ෂණ විෂය පාදක කරගත් වෘත්තීමය සාර්ථකත්වය ජීවිතයට ලඟා කරගන්නා අයුරු පැහැදිලි කරනු ලැබිණ.

සම්මන්ත්‍ර‍ණය තුළ ආකර්ශණීයම දේශනය වූ Introduction to Ethical Jacking and Cyber Security දේශනයේ දී මුස්තාක් මුක්තාර් මැතිතුමා (Bsc./CEH/CISE/CHFI/BCS Engineer) විසින් අන්තර්ජාලය තුළ තොරතුරු සඳහා තිබෙන ආරක්ෂාව කෙබඳු ද යන්නත් අද වන විට එම ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරයත් එම හේතුවෙන් ගොඩ නැගී ඇති රැකියා අවස්ථා සම්බන්ධයෙන් ද ඉතා වැදගත් කරුණු රාශියක් පැහැදිලි කරනු ලැබිණ. මෙලෙසම සියල්ලන්ම මවිත කරමින් හැකින් ශිල්පයන් කිහිපයක් ම ප්‍රායෝගිකව ඉදිරිපත් කරනු ලැබිණ.

සම්මන්ත්‍ර‍ණයේ අවසාන දේශනය ලෙස My Future with IT (Carrier Guidance) දේශනය පැවැත්වූ උදේශ් දයාරත්න මැතිතුමා (MCT/CEH/MCSE/MCITP) සහ ගයාන් අබේගුණවර්ධන (MCT/MCSE/MCITP/CISE) මැතිතුමා විසින් තොරතුරු තාක්ෂණ විෂය කැමැත්තවුන්ට තමන්ගේ අනාගතය සාර්ථක කරගන්නා අයුරු පියවරෙන් පියවර විස්තර කරනු ලැබිණි. මෙම සම්මන්ත්‍ර‍ණය පැවත්වීමේ මූලික පුරෝගාමියා වූ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තොරුතුරු තාක්ෂණය පිළිබඳ උපදේශක චාමර නන්දික පෙරේරා මැතිතුමාගේ ස්තූති කථාව තුළින් සම්මන්ත්‍ර‍ණය නිමා වූ අතර එහිදි සාර්ථකව පැවැත් වූ මෙම FUTURE ITසම්මන්ත්‍ර‍ය දීප ව්‍යාපත්ව අනෙකුත් දිස්ත්‍රික් වෘත්තීය මධ්‍යස්ථාන සමගින් ඉදිරියටත් පවත්වා ගෙන යන බව ද වැඩිදුරටත් පවසන ලදී.

12516081_897123523729087_950670111_n

Related posts

ඉන්ධන සැපයුම තවදුරටත් සීමා කරන්නේ යළි මිළ ඉහළ දැමීමේ අරමුණින් – වෘත්තිය සමිතියක් හෙළිකරයි

colombotoday

දිනකදී සිදු කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ – PCR 7000ත් ඉක්මවයි

colombotoday

Video “අද ක්‍රියාත්මක වන්නේ සම්මුතිවාදය නෙවෙයි, කම්මුතුවාදය.. රටම කම්මුතුයි” – විමල්

colombotoday

එළැඹෙන ඉරිදා සහ සඳුදා දිවයිනටම ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය තවදුරටත්

colombotoday

මාස පහක් ඇතුළත ජනපති මෛත්‍රීගේ මරණය නියතයි.. ගෝඨාභය ජනපතිවීම ස්ථීරයි !

colombotoday

සංචාරන සීමා මැද කොළඹට ඇතුළුවූ වාහන ගණන මෙන්න | 3,528 කට එන්න හේතුත් නෑ

colombotoday