Uncategorized

රාජිතගේ සුදු වෑන් නළුවෙකුගේ වතගොත එළියට… නම ගිය බැංකු කොල්ලකරුවෙක්… කෝටි තුනහමාරක රත්තරං කොල්ලයකටත් සම්බන්ධයි !

සුදු වෑන් රථයකින් තමාව පැහැරගත් බව කියමින් ඇමති රාජිත සේනාරත්න මහතා සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙක් බවත් ඔහුට මංකොල්කෑම් රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු විභාගයන් පවා පැවැත්වෙන බවත් ඉහළ පොලිස් නිලධාරියෙක් අනාවරණය කළේය.

සුදු වෑන් රථයකින් කිසිදු අවස්ථාවක මේ පුද්ගලයා පැහැර ගැනීමකට ලක්ව නැති බවත් ඒ සම්බන්ධයෙන් ඔහු කිසිදු පැමිණිල්ලක් මෙතෙක් පොලීසියකට කර නැති බවත් එම නිලධාරියා කීය.

වසර කිහිපයකට පෙර සිය දියණියගේ විවහා මංගල්‍ය උත්සවය වෙනුවෙන් සමාගම් කළමනාකරුවෙක් බැංකුවෙන් ලබාගත් රුපියල් ලක්ෂ 75 ක මුදලක් රැගෙන යමින් සිටියදී ජා – ඇලදී එම මුදල් කොල්ලකීමට පවා මෙම පුද්ගලයා සම්බන්ධව සිටි බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පවා ඔහු ලක්වුණු බවත් එම නිලධාරියා කීය. එම මංකොල්ලය හේතුව නිසාම දියණියගේ විවහා මංගල්‍ය පැවැත්වීමට නොහැකිවන අතර එම සමාගම් කළමනාකාරු කොල්ලයෙන් දින කිහිපයකට පසු හෘද රෝගයක් වැලදී මිය ගියේය.

2013 වසරේදී මෙම පුද්ගලයා තවත් අයෙක් සමග එක්ව මෝදර් ප්‍රෙද්ශයේ බැංකුවකින් කාන්තාවක් මුදල් රැගෙන යමින් සිටියදී මුදල් කොල්ලකෑමට උත්සහ ගෙන තිබුණි.

එම අවස්ථාවේදී කාන්තාව මුදල් බෑගය රැක ගැනීමට එක් කොල්ලකරුවෙක් සමග පොරබදා ඇති අතර එහිදී ප්‍රවෘත්ති සාකච්ඡාවේ සිටි පුද්ගලයා සිය සගයා බේරා ගැනීමට කාන්නාවට තැබූ වෙඩිල්ලෙන් සගයාම මරුමුවට පත්වූ බවද එම පොලිස් නිලධාරියා කීය. රටපුරාම මෙවන් කොල්ලකෑම්වල නිරතව සිටි මේ පුද්ගලයා රුපියල් කෝටි තුනහාමාරක රත්තරන් කොල්ලයකට සම්බන්ධ වූවෙක් බවද එම නිලධාරියා කීය. ඔහු විසින් කළ මේ සෑම කොල්ලකෑමක් සම්බන්ධයෙන්ම පොලිස් වාර්තා තිබෙන බවද එම නිලධාරියා සදහන් කළේය.

මෙවන් සංවිධානාත්මක කොල්ලකරුවෙක්ව මෙන්ම තක්කඩියෙක්ව ඇමතිවරයෙක් ළගින් තබාගෙන කළ බොරුව සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම පිළිකුලෙන් හෙළා දකින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසුවේය

thecolomboexpress.com

Related posts

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්‍ෂ නායකයෝ විරසක වෙති… එකගත්වයක් නැතිව රැස්වීම අවසන් !!

colombotoday

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතී

colombotoday

මුස්ලිම් පිරිසක් එක්වී තව්හිද් ජමාත් පල්ලියක් කුඩුපට්ටම් කරයි !

colombotoday

රටේ ස්වෛරීභාවය වෙනුවෙන් අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කලා – සජිත්ට බැරිවුණ දේ ගෝඨාභය කෙළින්ම කියයි

colombotoday

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin