Colombo Today Local News

කන්ජිපානි ඉම්රාන්ගේ පියාත් අත්අඩංගුවට

බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කන්ජිපානි ඉම්රාන්ට දිමට රැගෙන ආ ජංගම දුරකථන දෙකක් චාජර් දෙකක් කෑම අසුරනයේ රහස් කුටියක තිබි බුස්ස බන්ධනාගාර වැටලිම් ඒකකයෙන් අත්අඩංගුවට ගත් බව පැවසේ.

මෙම ජංගම දුරකථන දෙක හා චාජර් දෙක රැගෙන මාලිගාවත්ත ප‍්‍රදේශයේ සිට පැමිණි ඛන්ජිපානි ඉම්රාන්ගේ පියා සොහොයුරා ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බුස්ස බන්ධනාගාර අධිකාරි එම ඒ කරුණාරත්න මහතා කියයි.

සිරකරුවන්ගේ දිනය අද දිනට යෙදි තිබිම නිමිත්තෙන් පුරා සතියක් ම සිරකරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් බන්ධනාගාර තුළ සිදු කරන අතර ඊයේ දින ( 12 ) බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින 350ක් සාමාන්‍ය සිරකරුවන් හා විශේෂිත ගණයේ මත් ජාවාරම්කරුවන් 06 දෙනෙකු ඇතුළු 40 දෙනෙකු බැලීම සඳහා ඔවුන්ගේ පවුල් වල සියලූ දෙනාටම අද දින අවස්ථාව ලබා දී තිබු බව බුස්ස බන්ධනාගාර පාලන අධිකාරිය කියයි .

මෙම සිරකරුවන්ගේ පාලන කටයුතු මෙන්ම එහි පැමිණෙන සිරකරුවන් බැලීම සදහා එන සියලූ දෙනා ම පරික්ෂාවට ලක් කරන විශේෂ ආරක්ෂිත ක‍්‍රමවේදයක් බුස්ස බන්ධනාගාරයේ තිබියදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන ඛන්ජිපානි ඉම්රාන් වෙලේ සුදා තුසෙයි ගෞතම් පොත්තනවුෆර් වැනි සිරකරුවන් මෙම බුස්ස බන්ධනාගාරයේ රදවා තැබිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තිරණය කර ඇත්තේ ජනාධිපතවරයාගේ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ වැඩපිළිවෙල සාර්ථක කර ගැනිමේ අරමුණින් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි .

විශේෂිත ගණයේ කුඩු ජාවාරම්කරුවන් මේ වන විට දිවයින පුරාම රඳවා තැබෙන බන්ධනාගාර සිර කුටිවලට තෝරා ගත් බන්ධනාගාර නිලධාරින් 24 පැය පුරාම රාජාකාරියේ යොදවා තැබිම නිසා මත් ජාවාරම්කරුවන්ට දුරකථන මගින් බන්ධනාගාර ගතව සිටිය දී සිදු කරන කුඩු ජාවාරම් මැතක සිට සම්පුර්ණයෙන් නතර කිරිමට බන්ධනාගාර අමාත්‍යාංශය ගෙන ඇති විශේෂ වැඩ පිළිවෙල සාර්ථකව ඉදිරියටත් පවත්වාගෙන යාමට මෙවැනි විශේෂ වැටලිම් තවදුරටත් සිදු කරන බව බන්ධනාගාර මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු අප කල විමසිමකදී පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා රත්ගම පොලීසියට භාර දිමට කටයුතු කල බව බුස්ස බන්ධනාගාර අධිකාරි පුලින කරුණාරත්න මහතා පැවසිය .

Related posts

ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්න

colombotoday

ඩොලරය නහුතෙට නගිනවා… යාපනේ කොටි සමරණවා… ජනපති දැන් කතා කරන්නේ අධෝ මුඛයෙන්…

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික සන්ධානයක් ලෙසින් පළාත් පාලන මැතිවරණයට

Admin

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

Admin

රනිල්ගේ නිවසට ගිනි තැබීම : ප්‍රකාශ සටහන් කර ගත් දුලාංජලී රටෙන් යයි

colombotoday

මන්ත‍්‍රීවරුන් 5ක් එජාපයෙන් නෙරපයි

colombotoday