Colombo Today Local News

පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධ 41කගේ ගිණුම්වල මිලියන 134ක් හොල්ලන්න තහනම්

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අනුව ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් පුද්ගලයන් ඇතුළු සැකකරුවන් හතළිස් එක් දෙනකුට අයත් බැංකු ගිණුම් සියයක තිබෙන රුපියල් මිලියන 134 ක කි‍්‍රයාකාරීත්වය තහනම් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මීට අමතරව ත‍්‍රස්තවාදීන් සතුව තිබූ රුපියල් මිලියන විස්සකට අධික මුදලක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර රුපියල් බිලියන හයකට අධික නිශ්චල සහ චංචල දේපල හඳුනාගෙන ඒ සියල්ල තහනම් කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම විමර්ශනයට අනුව දුරකථන අංක 2919 ක් සහ එමි අංක 169 ක් පිළිබ`ද සියුම් විශ්ලේෂණයක් සිදුකර පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට ද පොලිසිය සමත්ව ඇත.

ඒ අනුව පාස්කු ප‍්‍රහාරයට අදාළ ත‍්‍රස්තවාදීන්, ඔවුන්ට ආධාර අනුබල දුන් සැකකරුවන් සහ ත‍්‍රස්තවාදීන් සමග පුහුණුව ලැබූ ත‍්‍රස්තයන් මෙන්ම තහනම් සංවිධානවල සාමාජිකයන් ඇතුළුව සැකකරුවන් 293 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අතරින් 115 දෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර සෙසු සැකකරුවන් 178 දෙනා රැදවුම් නියෝග යටතේ රදවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව රුවන් ගුණසේකර මහතා පැවසීය.

Related posts

අජි‍නොමොටෝ (MSG)රසකාරක මාරයා වෙළදපොලෙන් ඉවතට

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායම යලි ලංකාවට

Admin

එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රීන් පොහොට්ටුව ලකුණින් පළාත් සභා මැතිවරණයට

colombotoday

මංගල ඉරාජ් ගැටෙයි : ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතුයි – මංගල කියයි

colombotoday

“මාව මරන්න ආපු කොටි ත්‍රස්තවාදීයාටත් සමාව දී නිදහස් කරන්න” – ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

මංගලගේ, කබීර් හෂීම්ගේ ඇමති විෂයන් ඉවත් කරන්නැයි අගමැති ජනාධිපතිට දන්වයි !

colombotoday