Colombo Today Local News

අජි‍නොමොටෝ (MSG)රසකාරක මාරයා වෙළදපොලෙන් ඉවතට

ajinomoto22

ඉදිරි සති දෙකේ දී මොනෝ සෝඩියම් ග්ලුටෝමේට් (එම්.එස්.ජී) රසකාරකය වෙළෙඳපළින් ඉවත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (08) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම පියවර ගන්නා බව ඔහු පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ ඕනෑම කඩයකින් මිලට ගත හැකි මේ රසකාරකය මොනෝ සෝඩියම් ග්ලුටොමේට් හෙවත් එම්එස්ජී යන විද්‍යාත්මක නාමයෙන් හැඳින් වේ. ආහාර රස ගැන්වීම සඳහා ලොව පුරා භාවිතා කරන මෙම රසකාරකය නිහඬ මාරයකු බව විද්‍යාඥයෝ කියති.

කාලයක් තිස්සේ මේ රසකාරකය මිනිස් සිරුරට ඇතුළුවීමෙන් ස්ථුලභාවය, ඇස්වලට හානි, ආතතිය, මහන්සිය, ආමාශගත රෝග, හිරිවැටීම, දැවිල්ල, මුහුණේ පේශීන් තදවීම, පපුවේ අමාරුව, හිසරදය, වමනය, ඔක්කාරය, හදවතේ ගැස්ම වැඩිවීම, නිදිමත ගතිය වැඩිවීම, ඇඟපත පණ නැතිවීම, ඇඟ පුපුරු ගැසීම ආදී රෝග ඇතිවිය හැකි ය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේ රසකාරකය වෙළෙඳපොළින් ඉවත් කළ යුතු බවට පසුගිය දා සෞඛ්‍ය බලධාරීන් හා පැවැති සමාලෝචන රැස්වීමක දී පවසා තිබේ.

අවන්හල්වලින් කෑම ගන්නා පුද්ගලයින් මෙම රසකාරකයේ අහිතකර බලපෑම්වලට ලක්වෙතියි වෛද්‍යවරු කියති. මෑතක සිට මෙම රසකාරකය වල් නාශකයක් ලෙස භාවිතයට ගන්නා බවට ද තොරතුරු වාර්තා වේ.

බෝ නොවන රෝග අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවත් සීනි පරිභෝජනය අවම කිරීමට ඉදිරි දෙසතිය තුළ රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

colombotoday

උස ඇති අයට සිකුරුටි.. නැති අයට කම්කරු.. මොලේ නැති අයට අමාත්‍යධූරද?

colombotoday

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 175ක ඉලක්කයක්

Admin

විදුලි ඒකකයකට අය කෙරෙන තරු විසිවෙන ගාස්තු ක්‍රමය මෙන්න

Admin

එජාප මන්ත්‍රීවරුන්ගේ සහයෝගය රජයට? රවී සහ විමල් අතර රහස් සාකච්ඡා ?

colombotoday

“සත්තුත් කරනවනම් අපට බැරි ඇයි.. සමලිංගික අයිතිය අපටත් ඕන“ – මහාචාර්ය දීපිකා

colombotoday