Colombo Today Local News

කොටින්ට සහය දුන් වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක්

ඉන්දීය ස්වෛරීභාවයට තර්ජනය වන ආකාරයෙන් කොටි සංවිධානයට සහාය පළකරමින් ප්‍රකාශයක් සිදුකිරීම මත තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලකයකු වන වයිකෝ හට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක් නියම කර තිබේ.

එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයි ගෝපාල සාමි හෙවත් වයිකෝ 2009 වසරේ චෙන්නායි හි පැවති ග්‍රන්ථයක් එළිදැක්වීමේ  උත්සවයකදී කොටි සංවිධානයට පක්ෂව සහ ඉන්දීය ස්වෛරීභාවයට තර්ජනය වන ආකාරයෙන් කරන ලද ප්‍රකාශයකට එරෙහිව තමිල්නාඩු රජය විසින් මෙම නඩුව පවරා තිබිණි.

දේශද්‍රෝහී චෝදනාව මත  චෙන්නායි අධිකරණයේ ගොනුකළ මෙම නඩුව තමිල්නාඩුවේ මැති ඇමැතිවරුන්ට එරෙහිව නඩු විභාග කරන විශේෂ අධිකරණයක් හමුවේ විභාගයට ගෙන ඇති අතර එම නඩුවේ තීන්දුව විනිසුරු ජේ.ශාන්ති මහත්මිය විසින් අද ප්‍රකාශයට පත්කර ඇත.

දේශද්‍රෝහී චෝදනාවන්ට වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කිරීමෙන් පසුව තමාට දෙන දඬුවම ද අද දිනයේම ප්‍රකාශයට පත්කරන ලෙසට වයිකෝ සිය නීතිඥයින් මාර්ගයෙන් ඉල්ලා ඇති අතර ඔහුට එක් වසරක සිරදඬුවමක් සහ 10,000/- දඩයක් අධිකරණය විසින් නියම කර ඇත්තේ ඉන් පසුවය.

 එම තීන්දුවට  එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවට හා ඒ තාක් තීන්දුව අත්හිටුවන ලෙසට වයිකෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට කරුණු දක්වා ඇති අතර ඒ සඳහා වයිකෝ හට මසක කාලයක් අධිකරණය විසින් ලබා දී තිබේ.

Related posts

කොස්ගොඩ සුජී යළි කරලියට

Admin

ජනපති ස්වාධීන වෙයි, ශ්‍රීලනිප මහ පුටුව මහාචාර්ය රෝ.ල. පියදාසට !

colombotoday

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

colombotoday

පසුගිය අවුරුදු 10ට 27000 ක් මාර්ග අනතුරුවලින් මිය යයි. – හේතුව ඇමති සරත් වීරසේකර කියයි.

colombotoday

“දයාසිරිත් එක්ක තවත්නම් බෑ“… මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ

colombotoday

වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

colombotoday