Colombo Today Local News

තව්හිද් ජමාත් ප්‍රබලයන් 50ක් තවමත් නිදැල්ලේ….

ආරක්ෂක බුද්ධි අංශ මගින් හඳුනාගෙන ඇති තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයින් පනහකට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ විමර්ශන කටයුතු මේ වනවිට නතර වී ඇති බව වාර්තා​ වේ.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ කඳවුරුවලට සහභාගි වෙමින් ආත්මාරක්ෂක කඩු ආදී පුහුණුවීම් සිදු කළ සාමාජිකයින් වැඩි පිරිසක් ඒ අතර වන බව වාර්තා වේ. ඊට අමතරව සමාජජාලා මගින් ජාතිවාදය ඇති කරමින් කටයුතු කළ එම සංවිධානයේ සාමාජිකයින්ද ඒ අතර වේ. ඇතැමුන් පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුව ලැබූවන් බවටද තොරතුරු ලැබී ඇත.

ආරක්ෂක බුද්ධි අංශ පසුගිය කාලයේදී සිදු කළ මෙහෙයුම්වලදී එසේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරී සාමාජිකයින් එකසිය හතළිහකට (140) ආසන්න පිරිසකගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා ත්‍රස්ත විමර්ශන ඒකකයට යොමු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉන් පනහකට වැඩි පිරිසක් ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හා තවත් හතළිහකට ආසන්න පිරිසක් කාත්තන්කුඩි ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් ඉතිරි පනහකට ආසන්න පිරිසෙන් මේ වන තෙක් ප්‍රකාශයක් ලබා ගෙන නොමැති බව වාර්තා වේ. මෙම පිරිස අවුරුදු 20-30 අතර පුද්ගලයින් බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකායද සිය මෙහෙයුම් සීමා කර ඇති අතර ඒවා මන්දගාමීව සිදුවන බව සඳහන් වේ.

මෙම තත්ත්වයන් මත පසුගිය 12 වැනි දින මාතලේ කලුදාවල ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයකුට අයත් ගෙවත්තක තිබී මෙරට නිෂ්පාදිත කාල බෝම්බයක් සමග පුපුරන ද්‍රව්‍ය සොයා ගෙන ඇත. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය එම උපකරණ සොයාගෙන ඇති අතර හතරැස් යකඩ බටයක සකස් කළ එම බෝම්බය සොයා ගෙන ඇත. පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 630ක්, ඩෙටනේටර් 4ක්, ඇමෝනියම් ග්‍රෑම් 300ක්, යතුරුපැදි බැටරියක්, ඔරලෝසුවක්ද තිබී ඇත. යකඩ බටයක පුපුරන ද්‍රව්‍ය පුරවා එහි ජෙලග්ට්නයිට් කූරක්ද ඩෙටනේටරයක්ද දමා සකස් කර ඇති අතර එය පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුව ලත් අයකු විසින් සකස් කළ එකක් බව වාර්තා වේ.

Aruna.lk

Related posts

ඥානසාර හිමිට විරුද්ධ නඩු දෙකක් පෙබරවාරි 1 ට කල් යයි.

colombotoday

සජිත්ට හංසයාගෙන් ඇප තියයි !

colombotoday

අලියා අතහැර සජිත් හංසයාගෙන් සටනට… දිනුවත්, පැරදුණත් එජාප නායකකම රැකගන්න රනිල් ගහපු ගැටේ මෙන්න !

colombotoday

වැඩි සීනි කන අයට බදු !

colombotoday

චීන කොඩිය එසවීමෙන් තහවුරුයි.. හම්බන්තොට වරායේ ක්‍රියාත්මක වන්නේ චීන නීතියයි

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 600 කට ස්ථාන මාරුවීම්

colombotoday