Colombo Today Local News

ජාතික ආණ්ඩු යෝජනාව පැරදුණොත් ආණ්ඩුව විසුරුවන්න – එජාප පසුපෙළ කියයි

ලබන පාර්ලිමේන්තු සභාවාරයේදී විවාදයට ගැනීමට නියමිත ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත්වුහොත් මාර්තු මාසයේ අය වැය ‍ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව එජාප පසුපෙළ මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමට සූදානම් වන බව එජාප මන්ත්‍රීවරයකු සඳහන් කළේය.

ආණ්ඩුව බල අරගලයක නිරතවෙමින් මැතිවරණ කල් දැමීමෙන් ජනතාව දැඩි පීඩාවකට ලක්ව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

අකමැත්තෙන් වුවද ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති බව පිළිගත යුතු බවද ඒ හේතුවෙන් අය වැය ‍ලේඛනය පරාජයට  පත්වුවහොත් ඒ පරාජයෙන් ජනතාව අතරට ගොස් ඡන්දයක් ඉල්ලා සිටිය නොහැකි බවද එජාප තරුණ මන්ත්‍රීවරු සඳහන් කරති.

Related posts

රෝගී ජීවිත අනතුරේ – අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 319 ක හිගයක්.

colombotoday

රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම ලබන සඳුදා

colombotoday

ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික පියෙකු සහ පුතෙකු මිය යයි

Admin

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

colombotoday

රත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි… පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

colombotoday

අල්ලස් චෝදනාවකට වසර 18ක සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව

colombotoday