Colombo Today Local News

මාකදුරේ මධූෂ් සමග රාජ්‍යතාන්ත්‍රිකයෙක්, රියලිටි තරු 6ක් අත්අඩංගුවේ… ඇමති පිරිසක් කලබල වෙයි…

ඩුබායිහි දී අත්අඩංගුවට පත්වූ පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු 25 දෙනා අතර රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක්ද සිටින බව ඩුබායි කලීජා ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

අදාළ පුද්ගලයා දකුණු පළාත නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකුද බවද මෙරට සමාජ වෙබ් අඩවිවල වාර්තා පලවී තිබේ.

මේ අතර අත්අඩංගුවට පත්වූවන් අතර ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයා, ටෙලි නාට්‍ය නළුවකු, රියලැටි තරගයක් නියෝජනය කල බව කියන ගායකයින් 06 දෙනෙක් ද ඇතුලත් බව සඳහන් වන අතර ඔවුන් මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරියගේ පුත්‍රයාගේ උපන්දින සාදය වෙනුවෙන් ගීත ගායනා කිරිමට ගිය බවයි වාර්තා වන්නේ.

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට පත්වීමත් සමග මෙරට දේශපාලඥයින් කීපදෙනෙකු දැඩි නොසන්සුන් තාවට පත්ව ඇතිබවට තොරතුරු වාර්තා වෙමින් පවතී.

ඒ අනුව මාකඳුරේ මධුෂ් කෙසේ හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුන් විශාල බලපෑමක් සිදුකරමින් පවතින බවයි අදළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාශයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

colombotoday

නව උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

Admin

අනුර යන්නේ රනිල් ගිය පාරෙමයි

Admin

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

Admin

කතක් දුෂණය කර මරා දා දේපළ කොල්ලකෑ ඝාතනයෙක් අල්ලයි

Admin

“මාව මේකට පටලවා වැරදිකාරයෝ බේරෙන්න හදනවා” – රවීගේ ප්‍රකාශයෙන් මහ පුටු දෙදරයි !

colombotoday