Colombo Today Local News

NGO හඩ බලවත් වෙයි… මහානාහිමිවරුන්ගේ ඉල්ලීම ඉවත දැමේ… ඤාණසාර හිමියන්ට ජනපති සමාව නොලැබේ…

වසර හයක සිරදඩුවම් නියම වී බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබා දෙන ලෙස ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්, ජාතික සංවිධාන, හින්දු මෙන්ම මුස්ලිම් සංවිධාන කිහිපයක්ද ජනාධිපතිවරයාගෙන් ලිඛිතවම ඉල්ලීම් කර තිබිණි. ඒ අනුව, ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් වාර්ෂිකව සිදුකරන සිරකරුවන් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ මෙසේ ඥානසාර හිමියන්ට නිදහස ලැබෙනු ඇති බවට බොහෝ දෙනෙකු විශ්වාසය පල කලහ.

එහෙත් මෙවර ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරෙන සිරකරුවන් පිළිබඳ ලේඛන ඊයේ (03) බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත එවා තිබුණ ද එහි ඥානසාර හිමිගේ නම සඳහන්ව නොමැති බව පැවසේ.

ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා නොදෙන්නැයි රාජ්‍ය නොවන සංවිධාන හා පාර්ශව විසින් ජනාධිපතිවරයා දැඩි ලෙස බලපෑම් කර තිබිණි.

ඒ අනුව මෙම අවස්ථාවේදී ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේතේ, හින්දු හා ඉස්ලාම් මැදිහත් පාර්ශවවලත් හඩට කන් නොදී රාජ්‍ය නොවන සංවිධානවල බලපෑමට ජනාධිපතිවරයා යටත් වී ඇති බවට ඤාණසාර හිමියන්ගේ නිදහස පිළිබදව බලාපොරොත්තු තැබූ පාර්ශවවල අදහස වී තිබේ.

Related posts

අද හෝ හෙට පෙට්‍රල් නෞකාවක් දිවයිනට – ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වනතුරු තෙල් බෙදන්නේ නැහැ.

colombotoday

උද්දමනය පහලට

Admin

අලි සබ්‍රි කියන්නේ තක්කඩියෙක්, අන්තවාදියෙක්, ත්‍රස්තවාදියෙක් – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි කියයි

colombotoday

අධිකරණ නියෝග කඩ කළ අප්පුහාමි භාර වෙයි

colombotoday

අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දුට එරෙහි පෙත්සම විසිවෙයි

Admin

පෞද්ගලික මූල්‍ය ආයතන පහකට සීල් තබයි

colombotoday