Colombo Today Local News

19 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටම අවුලේ… අපේ ආණ්ඩුවක් යටතේ 19 ඉවත් කරනවා –

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තම රජයක් යටතේ අනිවාර්යයෙන්ම වෙනස් කිරීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

19 වන ව්‍යවස්‌ථා සංශෝධනයට ඡන්දය දීම ගැන අද තමුන් කනගාටුවට පත්වන බවත් ඉන් සිදු වී ඇති ආරවුල ජනතාවගේ පැත්තෙන් බේරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් හෙතෙම කීය.

එම ව්‍යවස්‌ථා සංශෝධනයට ඡන්දය ලබාදුන්නේ කොමිෂන් සභා පත්කර ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනු ඇතැයි විශ්වාසයෙන් වුවත් අද වන විට එමගින් ජනතාවගේ ඡන්ද අයිතියත් අහිමි කර, රටත් අස්‌ථාවර කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එම නිසා ඉදිරි මැතිවරණයේදී තම පක්‍ෂයට මන්ත්‍රීධුර 120 ට වැඩි බලයක්‌ ලබාදුන්නොත් 150 ක බහුතරයක්‌ හදාගෙන 19 වන සංශෝධනය වෙනස්‌ කර සාධාරණ ලෙස රට ඉදිරියට ගෙනයන්නට හැකිවනු ඇතැයිද මන්ත්‍රීවරයා පැවැසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (5 දා) පැවැති මාධ්‍ය හමුවේදී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

Related posts

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 8ක ඉවත් කළ ඇඳිරි නීතිය යළි දහවල් 2 ට

colombotoday

බැදුම්කර කොමිසම මලික් – කබීර්ගෙන් ප්‍රශ්න කරයි !

colombotoday

25දා සුරා සැල් වසයි

colombotoday

ඩ්‍රෝන යානාවකින් දළදා මාලිගාවේ විඩියෝ දර්ශන ලබා ගත් බංගලියා මාට්ටු

colombotoday

රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා

colombotoday

තොටිගලම කන්දේ ගින්නකින් අක්කර 7ක් විනාශයි

Admin