Colombo Today Local News

මහැදුරු සෝමදේවයන්ගේ කැණීම් සටහන් පරික්ෂා කිරීමට තරම් සමතෙක් පුරාවිද්‍යාවේ නැතිලු..

පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සිදුකරන ලද පුරා විද්‍යා කැණීම් වල වාර්තා පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රමාණවත් දැනුමක් ඇති පුද්ගලයින් නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා ආචාර්ය ශිරාන් දැරණියගල මහතා වෙත යවන ලද ලිපියක සඳහන් වේ.

එම වාර්තා පරීක්ෂා කිරීම සඳහා දැනුමක් සහිත නිලධාරින් තම දෙපාර්තමේන්තුවේ නොමැති බැවින් ඒ සඳහා සහය වන්නැයි ඉල්ලමින් ආචාර්ය ශිරාන් දැරණියගල සහ ආචාර්ය එච් නිමල් පෙරේරා යන මහත්වරුන් වෙත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යවන ලද ලිපියෙන් මේ බව හෙළි වේ.

දෙපාර්තමේන්තුවේ බලපත‍්‍ර යටතේ කැණීම් කරන ලද එහෙත් අවසන් වාර්තා ලබා නොදුන් පුද්ගලයින්ට නව කැණීම් බලපත‍්‍ර නිකුත් නොකිරීමට දෙපාර්තමේන්තුව ගත් තීරණයේ ප‍්‍රථම පියවර ලෙස මෙසේ රාජ් සෝමදේව මහතාගේ කැණීම් පිළිබඳ වාර්තා පරීක්ෂා කිරීමට තීරණය කළ බව එම ලිපියේ සඳහන් වේ.

එහි පළමු පියවර ලෙස රාජ් සෝමදේව මහතාගේ වාර්තා පරීක්ෂා කිරීමට තීරණය කළ බවත් එහෙත් ඒ සඳහා ප‍්‍රමාණවත් දැනුමක් ඇති නිලධාරින් තම දෙපාර්තමේන්තුවේ නැති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියෙහි සඳහන්ව ඇත.

කෙසේ වෙතත් වැළලී යන හෙළ උරුමය සෝමදේව මහතා විසින් හෙළි කරමින් සිටින බවත් ඔහු මන්නාරම් සමුහ මිනිවල පිළිබඳ කැණීම් කටයුතු සිදුකිරීම නැවැත්වීමට මෙසේ බලපත‍්‍ර දීම අත්හිටුවීමට කටයුතු කරන බවත් පෙනෙන්නේ යැයි ජාතික නිදහස් පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතාපැවැසීය.

ලංකාදීප

Related posts

බෝම්බ බියක් නිසා අනුරාධපුර පාසල් කලින් වසයි

colombotoday

IMF දෙවැනි වාරිකය ලැබීම ආයෝජකයන්ට ධනාත්මක පණිවිඩයක් – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට

colombotoday

ආණ්ඩුවේ කොන්ද පණ නැති, නෝන්ජල් ප්‍රතිපත්තිය නිසා රටම අරාජික වෙලා – මරික්කාර්

colombotoday

වියදම කෝටි 175යි.. ඔස්ට්‍රේලියාවෙන් රෝගී කිරි හරක් තොගයක් ගෙන්වීමට සැරසේ… හරක් හොරකමේ තවත් කොනක් එළියට…

colombotoday