Colombo Today Local News

රංගජීවට ඇප – එමිල් ගැන සලකා බලයි

වැලිකඩ බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (25) තීරණය කර තිබේ.

නියෝමාල් රංගජීව මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රතිශේධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

නියෝමාල් රංගජීව මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමටද අධිකරණය නියෝග කර ඇති අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද ඔහුට නියෝග කර තිබේ.

මීට අමතරව 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් නියෝමාල් රංගජීව මහතා සමගම රක්ෂිත බන්ධනාගාර කර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවා මහතාගේ ප්‍රතිශෝධන පෙත්සමද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

Related posts

ගම්මන්පිල සිරගත කළ ඇත්ත හේතුව මේකයි.. හිටපු ජනපති ජපානයේ සිට කියයි

colombotoday

රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාවට

colombotoday

සිපෙට්කෝ පෝලිම් දිගුවෙයි..

colombotoday

පාර්ලිමේන්තුවේ කමිටු පිහිටුවීම ඇරඹේ

colombotoday

මහින්ද අලුත් තැනකින්, අලුත් ගමනකට මුල පුරයි (Photo)

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

colombotoday