Colombo Today Local Newsextremism & terrorism activitiesHot NewsTop Stories

ඇමතිගේ ISIS සබදකම් ගැන වහාම සොයා බලන්න… ඔස්ට්‍රේලියා තානිපති අංශ දන්වයි…

සිඩ්නි නගරයේ ස්ථාන කිහියකට ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කරමින් සිටියදී පසුගියදා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයා මෙරට රජයේ අමාත්‍යවරයෙකු වන ෆයිසර් මුස්තාපාගේ සමීපතම ඤාතියෙකු බවට මේ වන විට හෙළිදරව්වී ඇති අතර ඒ පිළිබදව ඕස්ට්‍රේලියානු මාධ්‍යද වාර්තා කර තිබේ.

මොහොමඩ් කමර් නිලාම් නිශාබ්දීන් නමැති 25 හැවිරිදි එම තැනැත්තා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සමග සෘජුවම සම්බන්දකම් පවත්වන අයෙකු බවට අනාවරණය කරගෙන ඇති අතර, ඔහු ශ්‍රී ලංකා රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සමීපතම ඤාතියෙකු වීම පිළිබදව ඔස්ට්‍රේලියානු රජයේ අවධානය යොමුව ඇත.

ඒ පිළිබදව ඔස්ට්‍රේලියානු බලධාරීන් මෙරට තානාපති කාර්යාලයෙන් විමසීමක් කර ඇති අතර, අදාල ඇමතිවරයා සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කරන ලෙසට දැනුම් දී ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

අදාළ ඇතිවරයා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී ජාලය සමග සබදකම් පවත්වන බවට මීට කලකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ නිල නොලත් වාර්තා පලවී තිබිණි.

ශ්‍රී ලංකාව තුළ ඉතා බරපතල ලෙස සුන්නි වහාබිවාදය ප්‍රචලිත කරමින් පවතින බවත්, රජයේ ඇමතිකම් දරණ ප්‍රබල මුස්ලිම් දේශපාලකයන් ඒ පිටුපස ක්‍රියාත්මක වී සිටින බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත, ශ්‍රී ලංකාව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇති බවට, ජාත්‍යන්තර බුද්ධි සේවා අනතුරු අගවා සිටියදී රජයේ බලධාරීන් ඒ පිලිබදව නොතැකීම ශ්‍රී ලංකාවට ඉදිරියේදී බරපතල ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට හේතුවක් වනු ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

colombotoday

උතුරේ වෙනම රටක්‌ හදන්න ඇමරිකාව සල්ලි විසිකරයි. | ප්‍රධානියෙකුට ලංකාවට එන්න අධිකරණ අමාත්‍යාංශයෙන් නිර්දේශ දීලා.

colombotoday

“පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනවා“ – ඇමති ඉරාන්

colombotoday

බෞද්ධ විශ්වවිද්‍යාල දෙකක් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පැවරීමට ජනපතිගේ තීරණයක්

colombotoday

‘අස්ගිරි පාර්ශවයේ නිවේදනය ගැන දැන්ම මොකුත් කියන්න බෑ.. පස්සෙ කියනවා“ – රාජිත

colombotoday

අයි ටී එන් නව සභාපති නිරෝෂන් ප්‍රේමරත්න

colombotoday