එක්සත් ජාතික පක්ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක ලෙසින් හරීන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා.
මෙම තනතුර ප්‍රධානය කිරීම අද (1) අගමැතිවරයා ඉදිරියේදී සිදුවුණු අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා පත්කිරීම වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් කළ කැප කිරීමද මෙහිදී අගමැතිවරයාගේ ප්රසංශාවට ලක්වුණා.
මෙහිදී අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ සත්‍ය ප්රවෘත්ති මහජනයා වෙත ගෙනයාම උදෙසා මෙහිදී ප්‍රධාන වශයෙන් පියවර ගෙන කටයුතු කරන බවයි.