Colombo Today Local News

සියලු හමුදා නිලධාරීන්ගේ දුරකථන අංක හා අන්තර්ජාල ගිණුම් තොරතුරු ඉල්ලා යුද හමුදා මූලස්‌ථානයෙන් නියෝගයක්‌

යුද හමුදාවේ රාජකාරි කරන දෙලක්‍ෂයකටත් අධික සියලුම නිලධාරීන් භාවිත කෙරෙන ජංගම දුරකථන අංක සහ facebook , වට්‌ස්‌ ඇප්, වයිබර් ආදී සියලු අන්තර්ජාල ගිණුම් පිළිබඳ තොරතුරු වහාම ලබා දෙන ලෙසට යුද හමුදා මූලස්‌ථානය නියෝගයක්‌ නිකුත් කර තිබේ.

සියලු හමුදා සාමාජිකයන් භාවිත කරන පෞද්ගලික ජංගම දුරකථන අංකවල තොරතුරුද ලබා දිය යුතු බවට යුද හමුදා මූලස්‌ථානය දැනුම් දී ඇති අතර ඉන් පසුව හමුදාවේ අනුදැනුමකින් තොරව වෙනත් ජංගම දුරකථන අංක භාවිත නොකළ යුතු බවටද දැනුම් දී ඇත.

දැනටමත් යුද හමුදා මූලස්‌ථානය මගින් අදාළ නියෝගය රට පුරා පිහිටි සියලුම හමුදා ඒකක වෙත යොමු කර අවසන් බව යුද හමුදා මූලස්‌ථානයේ නිලධාරියෙක්‌ පැවසීය.

අප මේ සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගෙන් කළ විමසීමකදී හමුදා මූලස්‌ථානය මගින් එවන් නියෝගයක්‌ නිකුත් කර ඇති බව සනාථ කළේය.

හමුදා සාමාජිකයන් අතර අභ්‍යන්තර තොරතුරු හුවමාරු කරගැනීම වඩාත් පහසු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කිරීමට මෙම තීරණය ගත් බව ද බ්‍රිගේඩියර්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

අරලියගහ මැදුරට ඇතුළු වී කලහකාරිව හැසිරුණු තවත් දෙදෙනෙක් අල්ලයි

Admin

සමලිංගිකයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට.. ගිය මාස 6 ඇතුළත ආසාධිතයන් 128ක් හදුනාගෙන!

colombotoday

විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800 ක් ගුරු සේවයට..

Admin

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට අනුමැතිය.

colombotoday

සේරුවාවිල විහාරස්ථානයෙන් කොටපොල හිමියන් එලවා දැමූ බවට පැතිරෙන පුවත අසත්‍යක්.

colombotoday

මහඇමති නාටකයෙන් හෙළි වූ යහපාලන නිරුවත !

colombotoday