Colombo Today Local News

හම්බන්තොට වරායේ දූපතේ අයිතිය චීනය ඉල්ලයි… දුන්නැත්තම් ඉතිරි වාරිකය නොදෙන බව කියයි

දිගුකාලීන බදු පදනම යටතේ චීනයට පවරා දී තිබෙන හම්බන්තොට වරාය ආශ්‍රිතව මුහුදේ ඉදිකර තිබෙන විශේෂ දූපත චීනයට පවරා දෙන්නේ නැතිනම් මෙම ගනුදෙනුවේ ඉදිරි වාරිකය ලබාදිය නොහැකි බව අදාළ චීන සමාගම ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් දූපත ඔවුනට පවරනතුරු ගෙවීම අත්හිටුවා තිබේ.

මහින්ද රාජපක්ෂ රජය සමයේ ඇමරිකානු ඩොලර් මිලියන 60ක් පමණ වැයකොට සංචාරක ප්‍රවර්ධනයට උපයෝගී කරගැනීම පිණිස ඉදිකළ මෙකී දූපත හෙක්ටයාර 110කින් සමන්විතය.

මෙහි අද වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මන බවද කියැවේ.

කලින් සැලසුම් කර තිබුණේ මෙහි සංචාරක හෝටල් විනෝදාගාර ආදිය ඉදිකිරීමටය. හම්බන්තොට වරාය චීනයටබදු දීමත් සමඟ එම දූපතද එහි ගිවිසුමට අදාළ බව චීනය කියා සිටී.

මෙකී අලුත් දූපත ශ්‍රී ලංකා දේශසීමාවට අයත් නව දූපතක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතුය.

එහෙත් තවමත් එලෙස ගැසට් කර නැත.

එසේ දූපත ගැසට් කිරීමට දකුණු පළාත් සභාවේ අනුමැතියද අවශ්‍ය වේ. එහෙත් දූපත මෙලෙස අලුතින් ගැසට් කොට චීනයට පවරාදීමට දකුණු පළාත් සභාවේ දැඩි විරෝධය එල්ල වී ඇතැයි දැනගන්නට ඇත.

එනිසා නව දූපතේ ප්‍රශ්නය බරපතළ අර්බුදයක් බවට පත්වෙමින් තිබේ.

මූලාශ්‍රය – දේශය

Related posts

දුම්රිය වර්ජනයක පෙරනිමිති

Admin

පැතිර යන අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

colombotoday

උතුර හෙල්ලූ හිටපු කොටි 07ක් ආයුධත් සමග අත්අඩංගුවට !

colombotoday

රට හදන්න බැරිනම් බලය අතහැර යනවා – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත හෙට මැතිසබයට

Admin

ජනපති උපදේශක සාලි ජිහාද් ත්‍රස්තයෙක්ද සැකයි.. වහාම අත්අඩංගුවට ගන්න.. පොලිස්පතිට පැමිණිලි

colombotoday