Colombo Today Local News

මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉදිකිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සැලසුමක්

අවසන් යුද සමයේ මියගිය කොටි සාමාජිකයින් ඇතුළු දෙමළ ජනතාව සිහිකිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය තුළ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මුදල් වලින් මෙම ස්මාරකයේ වැඩ කටයුතු ආරම්භ කිරීමටත් මෙම ස්මාරකය ලබන 18 වැනි දා ට පෙර ඉදිකර අවසන් කිරීමටත් මහා ශිෂ්‍ය සංගමය සැලසුම් කර තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ක්‍රිෂ්ණ මේනන්ගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල කලා මණ්ඩපයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

2009 මැයි 18 වැනි දා මුලතිව් මුල්ලි වයික්කාල්හි පැවති අවසන් යුද්ධයෙන් මියගිය සාමාන්‍ය සිවිල් ජනතාව ඇතුළු කොටි සාමාජිකයින් සිහිකිරීම වෙනුවෙන් සිදුකරන මුල්ලිවයික්කාල් සැමරුම නිමිත්තෙන් මෙම ස්මාරකය ඉදිකිරීමට නියමිතය.

-ලංකාදීප

Related posts

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට වෙන දේ

colombotoday

ඉල්ලා අස්වූ අබ්දුල් හලීම් හා කබීර් හෂීම් යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙති

colombotoday

අමාත්‍ය මණ්ඩලය හදිසියේ රැස්වෙයි

Admin

නිරෝධායන නීති කැඩූ 186ක් අත්අඩංගුවට

colombotoday

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin

රනිල්ගේ පුද්ගලික ආරක්ෂකයාට හදිසි මාරුවක්!

Admin