Colombo Today Local NewsColombo Today Sports News

“ලංකාවේ ක්‍රිකට් විනාශ කරා.. අවුල් ජාලයක් කරා…” – මුරලිගෙන් දේශපාලකයන්ට ප්‍රබල චෝදනාවක්

දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

ඉන්දියාවේ ‘ද ඉකොනොමික්ස් ටයිම්ස්’ පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ඊයේ (17දා) පවසා තිබේ.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අවුල් ජාලාවක තිබෙන්නේ. දේශපාලකයන් ක්‍රීඩාව පාලනය කිරීමට පටන් අරගෙන තිබෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවම දැනුමක් සහිතව හෝ දැනුමක් නොමැති මේ අය ගතවන සෑම දිනයකම එය විනාශ කරමින් තිබෙනවා. ක්‍රිකට් කියන්නේ විශ්වාසයයි. ක්‍රීඩකයන්ට දක්ෂතා දැක්වීමට විශ්වාසයක් ගොඩ නැගිය යුතුයි.

ශ්‍රී ලංකා වර්ණ ඇඳුම අඳින විට ඔවුන්ට ගෞරවයක් ඇති විය යුතුයි. මම දිනකින් හොඳ පන්දු යවන්නෙක් වුණේ නෑ. අවුරුදු 4-5ක් අර්ජුන මට විශ්වාසය දුන්නා. දැන් පිතිකරුවන් පන්දුවට පහරදීමට යන විට කියන්නේ ඔබ ලකුණු රැස්කළ යුතුයි නැති නම් අපි ඔබව බංකුවේ තබනවා කියලා. පන්දු යවන්නන්ටත් මේ දේමයි.

හැම අංශයකින්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 60ක් පමණ අත්හදා බලා තිබෙනවා. අවුරුද්දකට ක්‍රීඩකයන් 60? මෙය අතාර්කිකයි. මෙයින් පේනවා දැක්මක් නැතිකම. සෑම අවස්ථාවකම සිදුකරන වෙනස්වීම්වලින් අනාගතයේදී ක්‍රීඩාව වෙනස් වෙනවා.”

(අද)

Related posts

IMF හමුවේ දී ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාර

colombotoday

ජනපති-අගමැති එක මතයක නෑ… කැබිනට් සංශෝධනය අවුරුද්දෙන් පසුව ?

colombotoday

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday

10වන වසරේ සිසුවිය එක්දරු පියෙකුගේ දරුවෙක් නිවසේදී බිහිකර මවක් වෙයි

Admin

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි ඔබාමාගෙන් ඉල්ලයි

colombotoday