Colombo Today Local News

හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර රිමාන්ඩ් කරයි

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යෑමට අනුබල දීමේ චෝදනා මත රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා හිටපු බුද්ධි අංශ ප්‍රධානී, ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.

අමල් කරුණාසේකර මහතා පෙරේදා යුද හමුදා රෝහලට ඇතුළත් වී තිබුණු අතර ඊයේ සවස එම රෝහලට ගිය රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.

පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලේ සිටි අමල් කරුණාසේකර මහතා පරීක්ෂා කර බැලූ ගල්කිස්ස අංක තුන අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ඔහු රිමාන්ඩ් කරන ලෙස අද (6) සවස නියෝග කළේය.

Related posts

බෝගොල්ලාගම බිරිය හා දියණිය අධිකරණයට බාර වෙයි….

colombotoday

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බවට දේශපාලන බලපෑම්

Admin

කොරෝනා අසාදිතයින්ට ප්‍රතිකාර සදහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම කොහෙත්ම අපි භාරගන්නේ නෑ – ඇමති කෙහෙළිය

colombotoday

ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීමක්.. ඡන්ද ගණන් කිරීමට බාධා නැති කරන්න වැඩ

colombotoday

2022 උසස් පෙළ ප්‍රතිඵල අද

Admin