Colombo Today Local News

කොරෝනා අසාදිතයින්ට ප්‍රතිකාර සදහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගන්නා කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ ආසන්නයේම පිහිටි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පරිවර්තනය කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

යුද හමුදාපතිවරයා සඳහන්කළේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් මේවන විටත් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකිරීම හා ස්වං නිරෝධායනයට ලක්කිරීම සිදුකර ඇති බවය.

කොවිඩ් 19 ආසාදිත වී ඇති බවට ඊයේ දිනයේ හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමුකිරිමට නියමිතය.

මේ අතර කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍ය ස්ථානයේ සේවය කරන නිවාඩු ගොස් සිටි උපදේශක උපදේශිකාවන් 08 දෙනෙකු නැවත ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇත.

Related posts

අලිගැට පේර දිනපතා ආහාරයට ගැනීම ඉතා හොඳයි. අධ්‍යයනයකින් හෙළි වෙයි.

colombotoday

විමල් නැවතත් රිමාන්ඩ් !

colombotoday

ඉස්ලාම් රාජ්‍යයක් හදන්න සිරියාවට ගිය දෙවන ලාංකිකයාත් මැරුම් කයි !

colombotoday

ත්‍රස්ත සැකකරුවන්ට ඇප දුන්නේ පොලිසියේ විරෝධය මැද – වැල්ලම්පිටිය OICගෙන් පැමිණිල්ලක්…

colombotoday

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තුවෙනුත් මන්ත්‍රී ධූරයක් නොලැබෙන හැඩ

colombotoday

නව විදුලි බිල සූත්‍රය අනුව මුල් ඒකක 30ට බිල රු. 3000ක්

Admin