Colombo Today Local News

උඩුවේ ධම්මාලෝක හිමි නිදහස් කරනවාද? නැද්ද? – තීරණය කල් යයි

බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු සන්තකයේ තබා ගත් බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන් විත්තිවාචකයක් කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන මැයි 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (06 දා) දැනුම් දුන්නේය.

ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.

බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු කිරුළපන ඇලන්මැතිනියාරාම විහාරස්ථානයේ තබා ගත් බවට චෝදනා කරමින් නිතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

එම නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් හිටපු වන ජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු 13 දෙනෙක් සාක්ෂි ලබා දුන්හ.

එම සාක්කි කැඳවීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නිතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලේ සාක්කි විභාගය මින් අවසන් කරන බව දැනුම් දුන්නේය. ඒ අවස්ථාවේදී විත්තිකාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සාක්කි කැඳවීමකින් තොරව උන් වහන්සේ නිදහස් කරන්නැයි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

එම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා මේ පිළිබඳ තීන්දුව ලබන මැයි 11 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

Related posts

අද උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක – අව් රශ්මියෙන් වැළකෙන්න සෞඛ්‍ය අංශ දැනුම්දෙයි.

Admin

පාර්ලිමේන්තු වට රවුම අසල ඇලේ නාඳුනන පුද්ගල මළ සිරුරක්

colombotoday

කොළඹ හතේ ගෙයක් බින්ද ප්‍රබල ඇමතියෙක් ළගදීම අත්අඩංගුවට

colombotoday

මහින්ද රාජපක්ෂගේ ප්‍රථම ආදරය ගැන බැසිල් රාජපක්ෂ කියයි

colombotoday

කුළි ලියන්නෝ, ණයට කහින්නෝ වැඩ අරඹයි.. ත්‍රවිධ හමුදාවට එරෙහිව චේතිය පච වපුරයි

colombotoday

අරගලකරුවන්ට එක්වූ කොස්තාපල් අත්අඩංගුවට

colombotoday