Colombo Today Local News

විකුණූ බැදුම්කර යළි මිලදී ගැනීමට කැමති බව බැදුම්කර මගඩි සමාගම කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනුමැතිය ලැබෙන්නේ නම් රාජ්‍ය ආයතන වෙත විකුණූ සියලු බැඳුම්කර ඔවුන්ට විකුණූ මිලටම යළි මිලදී ගැනීමට සූදානම් බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන මහතා ලිඛිතව දන්වා තිබේ.

ඔහු මෙම ලිඛිත දැනුම්දීම කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වන අතර, මෙහි පිටපත් ජනාධිපති කාර්යාලයට, මහ බැංකුවේ අධිපති, විගණකාධිපතිට හා ජ්‍යතන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ශාඛාවට, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවට, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා ශාකාවට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වෙත යවා තිබේ.

බැඳුම්කර ගනුදෙනුවෙන් අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පාඩුවක් සිදුව නොමැති බවත් එම ආයතන රුපියල් බිලියන 25ක ලාභයක් ලබා ඇති බවත් වාර්තා වේ.

මාධ්‍යයෙන් තමාට හා තම සමාගමට සිදුකරන චෝදනා පදනම් විරහිත බවද සිය ලිපිය මගින් පෙන්වාදී ඇති පලිසේන මහතා බැඳුම්කර ඛාණ්ඩ 07ට අදාළ සම්පූර්ණ ඉපැයීම්, ප්‍රකාශිත අයගය (මතුපිට වටිනාකම), ISIN ඛාණ්ඩ අංක හා කූපන් පොලිස විස්තර කර ඇති ප්‍රකාශයක්ද ඉදිරිපත් කර තිබේ.

අදාළ ප්‍රකාශය හා ලිපිය පහත දැක්වේ.

Related posts

විමල්-ඩලස්-මෛත්‍රී-උදය-වාසු හෙලිකොප්ටරෙන් අද එළිදකී

Admin

කොස්ලන්දේ අක්කර 8 ක ගංජා තවාන් මාට්ටු

colombotoday

මුදල් ඇමතිගෙන් එජාප මන්ත්‍රීන් 40කට අධීක්ෂණ තනතුරු.. සැප වාහන ඇතුළු තවත් දීමනා !

colombotoday

බංග්ලාදේශයෙන් ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්

colombotoday

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

Admin

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday