28.6 C
Colombo
24 April 2025
Colombo Today Local News

බැදුම්කර මගඩි චෝදනාවෙන් එජාපය නිදහස්.. අපි දැමූ “ෆුට් නෝට්“ නිවැරදියි – අජිත් පී. පෙරේරා


තමන් ඇතුළු කෝප් කමිටුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් යෙදූ පාද සටහන් නිවැරදි බව බැඳුම්කර විමර්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඊයේ (31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව අදාළ පාද සටහන් සාක්ෂිවලට අනුකූල බවත් නිවැරදි බවත් තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.

පාද සටහන් සහිත වාර්තාව පමණක් ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව විසින් පිළිගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂයට බැඳුම්කර කොමිසම් වාර්තාවෙන් චෝදනා එල්ලවී නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

සියලු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව ඉවතට

colombotoday

ITN Adult’s Only අගමැති උපදෙසින්.. මුළින්ම පෙන්වන්නේ සමලිංගික චිත්‍රපටයක්

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට පිරිසක් කඩා වදී

Admin

සුපිරි කැසිනෝවත් අරන් ජේම්ස් පැකර් නැවත එයි!

colombotoday

ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනයට රජය තීරණය කරයි

colombotoday

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්

colombotoday