Colombo Today Local News

අගමැති එලවන්න මහ බැංකු අධිපති බරටම වැඩ !

තනතුරට පත්වූදා සිටම එ .ජා . ප විරෝධී පිළිවෙලක සිටිමින් අගමැතිවරයාගේ නියෝග සතයකට මායිම් නොකොට කටයුතු කරන මහ බැංකු අධිපතිවරයා එළබෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් එ .ජා .ප යට සහ අගමැතිවරයාට අපහාස කිරීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මෙහි ආසන්නතම සිදුවීම ලෙස හම්බන්තොට වරාය බදුදීමෙන් චීන සමාගමෙන් ලැබුණු චෙක්පත අගමැතිවරයා විසින් මහා බැංකුවට ලබා නොදී ලංකා බැංකුවට ලබා දී ඇතිබව බන්දුල ගුණවර්ධන මහතා ලවා ප්‍රකාශ කරවමින් අගමැතිවරයා අපහසුතාවයට පත් කිරීම සදහන් කල හැකි බවයි එජාප මන්ත්‍රීවරයෙකු අප වෙත ප්‍රකාශ කර සිටියේ.

මහ බැංකු අධිපතිවරයාගේ මෙම එ .ජා .ප විරෝධී අගමැති විරෝධී ක්‍රියා පිළිවෙත පසුපෙළ මන්ත්‍රීන්ගේ දැඩි අවධානයට යොමුවී ඇති බවයි එම වාර්තා වැඩිදුර සඳහන් කර සිටියේ.

Related posts

නව ව්‍යවස්ථාව නොවැම්බරයේ සම්මත කරන්න සූදානම්.. 2/3 ගන්න මන්ත්‍රීවරුන්ට දිගට හරහට අල්ලස් !

colombotoday

මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් ඉහළට

colombotoday

ජනපති බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා හමු වෙයි

Admin

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

Admin

චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

රට පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

colombotoday