සිම්බාබ්වේ පාලනය එරට හමුදාව යටතට පත්කරගෙන ඇත.
ඊයේ වන විට රටේ සියළුම මර්මස්ථාන හමුදාව යටතට පත් කරගෙන ඇති අතර, ජනාධිපති රොබට් මුගාබේ ආරක්ෂා සහිතව තමන් යටතේ සිටින බව හමුදාව ප්‍රකාශ කර ඇත.
සිම්බාබ්වේ මුහුණ පා ඇති ආර්ථික හා සමාජයීය ගැටළු හමුවේ හමුදාව රටේ පාලන බලය සියතට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කර ඇත.