Colombo Today Local News

පාසල් සිසුන් ලක්ෂ 45කට අද පටන් රක්ෂණාවරණ !

පාසල් දරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීමේ වැඩසටහන අද(02) ආරම්භ වුණි.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ පාසල් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී එම උත්සවය පැවැත් වුණි.

එහිදී සංඛේතාත්මකව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙත සහ පාසල් දරු දැරියන් කිහිප දෙනෙකුට සෞඛ්‍ය රක්ෂණාවරණය පිරිනමා තිබේ.

වයස අවුරුදු 05ත් 19ත් අතර ලක්ෂ 45කට ආසන්න සිසු දරුවන් වෙත ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරක්ෂා රක්ෂණාවරණය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

රක්ෂණය සඳහා වන සියලු ගෙවීම් රජය මඟින් සිදු කරන අතර මේ වසර සඳහා ඒ වෙනුවෙන් රුපියල් බිලියන 2.7ක මුදලක් වෙන් කර තිබේ.

ඒ යටතේ නේවාසික රෝගීන්ට සහ වෛද්‍ය සේවා සැපයීම්වලට අදාළව වාර්ෂිකව රුපියල් ලක්ෂ 02ක උපරිමයකට යටත්ව ගෙවීම් සිදු කිරීමට නියමිතය.

රජයේ රෝහල් මෙන්ම  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලික රෝහල්, ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර සඳහා ගෙවීම් සිදු කරයි.

අද පැවැති උත්සවයට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ රටක දියුණුව සඳහා කළ හැකි ප්‍රමුඛතම ආයෝජනය අධ්‍යාපනය බවයි.

මෙවැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම හේතුවෙන් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම උත්සවයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

Related posts

ප්‍රහාරක යානාවල කෑලි ගලවා “යොවුන් පුරේදී” පෙන්වන්නැයි අගමැති කියලා.. ගුවන් හමුදාවේ විරෝධය

colombotoday

එදා ‘‘යැංකි ඩිකී‘‘. අද ‘‘යැංකි විකී‘‘ ඇමරිකන් ගැති නෑයන් දෙදෙනෙකු ගැන වාසු කියයි

colombotoday

කොළඹට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබාදීම යුද හමුදාව අත්හිටුවයි

colombotoday

දිවයිනට බලපාඇති ආපදා තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Admin

ජනපතිගේ ප්‍රකාශයට දැඩි විරෝධය.. ජවිපෙ සිරිකොතේ හිටගෙන යුධ ප්‍රකාශ කරයි !

colombotoday

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

colombotoday