Colombo Today Local News

විජේදාස රකින්න ජනපතිත් පෙරට එයි.. ත්‍රෛනිකායත් එක්වෙයි.. එජාපයේ විශ්වාසභංගය විසිවෙයි !

ඇමති විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් නෙරපීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ගන්නා උත්සාහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතාගේ විරෝධය එල්ල වී තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරනවා.

ඇමති විජේදාස රාජපක්ෂ ධුරයෙන් නෙරපීමට එජාපය විසින් ගන්නා උත්සාහය හෙළා දකිමින් අස්ගිරි, මල්වතු, රාමාඤ්ඤ මහා නිකායවලින්ද ප්‍රකාශ නිකුත් කර තිබුණ අතර, ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එයද ප්‍රබල සෙල බලපා තිබෙන බවද සදහන් වේ.

කෙසේ වෙතත් අධිකරණ ඇමතිවරයා කෙරෙහි විශ්වාසය කඩ වී ඇති බවට 17 බ්‍රහස්පතින්දා පැවති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වී තිබෙන අතර, අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ඒමට යෝජනතා වූ විශ්වාශභංගය ගැන එහිදි කිසිදු තීරණයක් ගෙන නොමැති බවද පැවසේ.

විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවොත් ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රීලනිප පාර්ශවය මෙන්ම එජාපයේ පිරිසක්ද ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් එයට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගත නොහැකි වනු ඇති යැයිද කතාබහට ලක්වී තිබේ.

Related posts

ස්ථාන මාරුවක් ලැබුනොත් මම යනවා – රුක්ෂාන් බෙල්ලන

Admin

අවුරුදු එකහමාරක දරුවාට පහර දී රට ඉන්න මවගෙන් සල්ලි ඉල්ලන සල්ලාල පියා

Admin

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday

‘විශ්වාසභංගය සාර්ථක වෙන්නේ මෛත්‍රීගේ උනන්දුව මතයි‘ – මහින්ද මෛත්‍රීට බෝලය පාස් කරයි

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවෙකුට දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

Admin

මහින්ද සගයෝ ‘නෙළුම් පොහොට්ටුවෙන්’ පුංචි ඡන්දයට

colombotoday