World

රටවල් හතරක් කටාරය සමග සියළු සබදතා අතහරී..

ත්‍රස්තවාදයට උදවු සපයන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කර දැමීමට අද (5) තීරණය කළේය.

ලොව පැරැණිතම ඉස්ලාමීය ව්‍යාපාරය වන ‘මුස්ලිම් සහෝදරත්වයට’ කටාරය සහාය දෙන බව සඳහන් කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල් මෙම සාමූහික තීරණය ගෙන තිබේ.

අදාළ රටවල් හතර කටාරය සමඟ තිබෙන සියලු ප්‍රවාහන සබඳතා නවතා දැමීමට තීරණය කර ඇති අතර අදාළ රටවල සිටින කටාර් සංචාරකයන්ට සහ සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල පදිංචි වී සිටින කටාර් ජාතිකයන්ට අදාළ රටවලින් පිටවීමට සති දෙකක කාලයක් දී තිබේ.

කටාරය කලාපයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට උපකාර කරන බවට චෝදනා කරන සෞදි අරාබිය කටාර් රාජ්‍ය එරට රජයට අයත් චන්ද්‍රිකා රූපවාහිනි ප්‍රවෘත්ති නාලිකාවක් වන අල් ජසීරා පුවත් සේවය ඔස්සේ ප්‍රචණ්ඩකාරී මූලධර්මවාදී මතවාද ප්‍රචාරණය කරන බවටත් චෝදනා කර තිබේ.

“කටාරය අයි.එස් ත්‍රස්තවාදීන්ට, අල් කයිඩාවට සහ මුස්ලිම් සහෝදරත්වය ආදී ත්‍රස්ත සංවිධානවලට ආධාර සපයනවා, උපකාර කරනවා. ඔවුන් ඔවුන්ගේ මාධ්‍ය හරහා මූලධර්මවාදී අදහස් ප්‍රචාරය කරනවා” යැයි සෞදියේ රාජ්‍යය රූපවාහිනි පුවත් සේවය වන ‘එස්.පී.ඒ’ නිවේදනය කළේය.

එමෙන්ම කටාරය ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම්වලට ද සහාය දක්වන බවට චෝදනා කර ඇත.

කටාරය මේ නිවේදන හෝ ප්‍රකාශ හෝ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් හෝ ප්‍රකාශයක් නිල වශයෙන් කර නොතිබිණි.

Related posts

බෙන්ජමින් ‍නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයට නව අගමැතිවරයෙක්

colombotoday

කොවිඩ් පාලනයට එරෙහි ව නෙදර්ලන්ත වැසියන්ගෙන් පොලිසියට ප්‍රහාර

colombotoday

රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගෙන් ප්‍රහාර

Admin

මගියෙකුගෙන් ගුවන් නියමුවෙක් ගුටි කයි

Admin

රතු මුහුදේදී අමෙරිකානු නෞකාවකට හූති කැරළිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin

මොසැම්බික් මුස්ලිම් අන්තවාදීහු ගමකට පැන 50කගේ හිස් ගසා දමති

colombotoday