World

දින 6ක් තුළ බෝම්බ 6000ක් ගාසා තීරයට

ඊශ්‍රායල – හමාස් යුද්ධය අද හය වැනි දිනටත් ක්‍රියාත්මකයි.

ඔක්තෝබර් 7වැනි දා හාමාස් සංවිධානය, ඊශ්‍රායලයට එල්ල කළ සංවිධානාත්මක ප්‍රහාරයත් සමගින් වසර සිය ගණනක ඉතිහාසයක් ඇති ඊශ්‍රායල පලස්තීන යුධ ගැටුම් යළි ඇරඹුණි.

ගෙවුණු කාලය තුළ බෝම්බ 6000ක් ගාසා තීරයට හෙළු බව ඊශ්‍රායලය පවසයි.

ඒවායේ බර ටොන් 4000කට අධික බව විදෙස් වාර්තාවල සඳහන් ය.

ගැටුම් හමුවේ මේ වනවිට මියගොස් ඇති ඊශ්‍රායල වැසියන් සංඛ්‍යාව 1300කට අධිකයි.

ගාසා තීරයේ සහ වෙස්ට් බෑන්ක් හී ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 1448ක් ය.

ඒ අතුරින් 447 දෙනෙකු දරුවන් වේ.

දෙපාර්ශ්වයේම තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 10,000කට අධිකය.

Related posts

ජෙට් එයාර්වේස් මූල්‍ය අර්බුදය දරුණු වේ. ගුවන් ගමන් නවතා දමයි

colombotoday

ප්‍රහාරයකට කුරුමාණම් ඇල්ලූ ඉස්ලාම් ත්‍රස්තයෝ 8ක් සිංගප්පූරුවේදී අල්ලයි

colombotoday

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයි

Admin

BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්

colombotoday

පුටින්: රුසියානු ප්‍රහාරක යානය බිමදැමුවේ ත්‍රස්තවාදීන්ගේ හවුල් කාරයායි – මේ ඇරබෙන්නේ ලෝක යුධ සංග්‍රාමයද?

colombotoday