Colombo Today Local News

මෛත්‍රී භාවනාවයි, ආනාපානසතියයි පොලීසියට අනිවාර්ය කරයි !

දිවයින පුරා සියළුම පොලිස් ස්ථානවල උදෑසන 8.00 ට සියලු නිලධාරීන් ප්‍රථමයෙන් මිනිත්තු 5 ක් ආනා පානා සති භාවනාව ද අනතුරුව මිනිත්තු 5 ක් මෛත්‍රී භාවනාව කළ යුතු බවට පොලිස්පති පුජිත ජයසුන්දර මහතා නියෝගයක් පනවා ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙනුවෙන් පෙරේදා (15) දවස පුරා පැවැති විශේෂ රැස්වීමකදී ඔහු මෙම දැනුම්දීම සිදුකර තිබේ.

තමාගේ රාජකාරි අතපසුවීමට මානසික ආතතිය (Depression) දැඩි ලෙස බලපෑ බව එහිදී සඳහන් කර ඇති පොලිපතිවරයා, භාවනාව තුලින් එය මග හරවා සහනයක් ලද ආකාරය දීර්ග ලෙස පැහැදිලිකර ඇත.

ඒ අනුව ආතතිය මග හැරීම පිණිස සියළු දෙනා මෛත්‍රී භාවනාවත්, ආනා පානා සති භාවනාවත් දිනපතා කළ යුතු බවට නියෝග කර ඇති පොලිපතිවරයා, මෙකී භාවනා කරන්නේ කෙසේද? යන්න නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පැහැදිලිකර දී තිබේ.

ඉන්පසුව ඊයේ (16) උදෑසන සියළුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත දුරකථනයෙන් අමතමින් තමා කී භාවනා පිළිවෙත් අනුගමනය කළාදැයි පොලිස්පතිවරයා පසු විපරමක් ද කර ඇත.

Related posts

මහින්දට එරෙහිව රන්ජන්ගෙන් FCIDයට පැමිණිල්ලක්

colombotoday

ඉන්දීය රජයෙන් ලබා දෙන ජිප් රථවල පළමු කොටස පොලිස් ඇමතිට

Admin

රාජගිරිය – බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

colombotoday

සූර්ය පැනලවලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ඉහළට

Admin

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

colombotoday

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය දැනුම්දෙයි

colombotoday