ගාලු මුවදොර ඉදිකෙරෙමින් පැවති ලොව ලොකුම නත්තල් ගසට තම මුලින් විරුද්ධ වූයේ ඊට රුපියල් කෝටි විස්සක මුදලක් වියදම් වන බවට කර තිබූ ප්‍රචාරය නිසා බවත්, දැන් බැලීමේදී ඊට වියදම් වන්නේ මිලියන 12ක් පමණක් නිසා එහි ඉදිරි ඉදිකිරීම් කටයුතු කරගෙන යෑමට තමා එකග වූ බවද කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමා පවසයි.
මේ සඳහා වැයකරන විශාල මුදල දිළින්දන් වෙනුවෙන් වැය කරනවානම් ඉතා වැදගත්. මහජන මුදල් නාස්‌ති නොකර ඕනෑම තැනක ඕනෑම කෙනෙකු නත්තල් ගස් හැදුවාට මං විරුද්ධ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමැති රවි කරුණානායක මහත්වරුන් පෞද්ගලික මා හමුවී මෙම නත්තල් ගස පිළිබඳව කතාබහ කර එකඟතාවකට පත්වුණා. යැයිද අගරදගුරුතුමන් පවසයි.