Colombo Today Local News

කටුනායක ප්‍රහාරයෙන් කොටි සාමාජිකයා නිදහස් කෙරේ.. නීතිපති නඩුව ඉල්ලා අස්කරගනී !

lt23262rකටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට හා එහි ස්ථාපිත කොට තිබූ ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කොට එහි තිබූ ගුවන් බස් 06 ක් හා ප්‍රහාරක ගුවන් යානා 06 ක් විනාශ කොට රුපියල් කෝටි 5,505 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් කොටි සාමාජිකයෙකුට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා කළ ඉල්ලීමට කොළඹ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය අවසර දුන්නාය.

විත්තිකරු මෙම සිද්ධියට අදාළ සිදුවීම්වලදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක්, අත්බෝම්බ 04 ක් හා පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනාවලට වරද පිළිගැනීම නිසා මේ වනවිටත් සිර දඬුවම් විඳිමින් සිටින හෙයින් මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අදහස් කරන බව කියමින් නීතිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් කොමසාරිස්වරිය මේ දක්වා අත්අඩංගුවට පත් නොවී සැඟව සිටින මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කළාය.

රත්නසිංහම් පුෂ්පකුමාරන් හෙවත් නිර්මල රංජන් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දී තිබිණි.

2000 සහ 2001 වසරවලදී ජූලි මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිලිනොච්චිය, කොළඹ, කටුනායක, මීගමුව ඇතුළු ප්‍රදේශවලදී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ භූමියේ ස්ථාපිත කොට තිබූ ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කොට විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව 2001 ජූලි මස 24 වැනිදා දිනයක කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට හා එහි ස්ථාපිත කොට තිබූ ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කොට එහි තිබූ ගුවන් බස් 06 ක් හා ප්‍රහාරක ගුවන් යානා 06 ක් විනාශ කරන ලදැයි විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

ada.lk

Related posts

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපන්නේ නැහැ… – මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

colombotoday

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බඳවා ගැනීමට යයි.

colombotoday

තිස්සමහාරාමයේදී ඥානසාර හිමි පැවැත්වූ ධර්ම දේශනය සඳහා විශාල ජන සහබගිත්වයක්

colombotoday

GMOA විරෝධය නොතැකේ.. SAITM සිසුන්ට රජයේ රෝහල් දෙකක සායනික පුහුණුව

colombotoday

තොටළග කුඩු සඳා අත්අඩංගුවට

colombotoday