Colombo Today Local News

බැදුම්කර බෑණා “ස්වර්ණවාහිනිය“ සල්ලිවලට ගන්න යයි ! අලුත් පත්තරේ ලබන වසරේ මුල

bke22

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා ‘ස්වර්ණවාහිනී’ මාධ්‍ය ජාලය මිලට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ සඳහා අගමැතිවරයාගේ ද මුදල් ඇමතිවරයා ගේ ද ආශීර්වාදය හිමිව ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී ආයතනයේ වත්මන් සභාපති මනෝ තිත්තවැල්ල මහතා කියා සිටියේ එම පුවත් මුළුමනින්ම අසත්‍ය බවයි. ‘ස්වර්ණවාහිනී’ මේවනවිට ලාභ ලබන ආයතනයක් බවට පත්කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ අතර, ‘මව්බිම’ පුවත්පතින් ඉල්ලා අස්වූ තුෂාර ගුණරත්න හා උපුල් ජෝසෆ් ප්‍රනාන්දු යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සමග එක්වී ලබන වසර මුලදී ජාතික පුවත්පත් ජාලයක් ගොඩනැගීමට අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කරමින් සිටියි.

Related posts

අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත්

colombotoday

නිරෝධායන නීති නොතකා පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

අරණායක නායයාමෙන් පුද්ගලයන් රැසක් තවමත් අතුරුදන් – මළසිරුරු 6 ක් සොයාගැනේ

colombotoday

රාජිතගේ ඇප නියෝගයට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම් විභාගය කල් යයි

colombotoday

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම : පූජිත ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

colombotoday

මීගමුව බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයාගේ වැඩ තහනම් කරයි

colombotoday