Colombo Today Local News

මංගලගේ ලේකම් තුසිත සමග කළු සල්ලි ජාවාරමේ යෙදුණු ටෙලිකොම් අධ්‍යක්ෂක ෆෙරෝස් ෆාරුක්ගේ වත්කම් මෙන්න

feros-farukවිදේශ අමාත්‍යංශයේ සමබන්ධිකරන ලේකම් වරයකු සහ කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් පොහොර සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන, ලංකා ඊ නිව්ස් ලංකා නියෝජිත මෙන්ම හිටපු මොබිටෙල් අධ්‍යක්ෂ වරයකු වන තුසිත හල්ඔලුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකු ෆෙරෝස් ෆාරුක් නමැති මුස්ලිම් ජාතිකයකු සහ රාම් සුදර්ශන් නමැති ඉන්දියානු ජාතිකයකු, ඉන්දියාව බලා ගුවන් ගත වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී නීතිවිරෝධී ලෙස ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් සාපරාධී ලෙස රටින් පිටතට ගෙන යාමට උත්සහා ගැනීමේ චෝදනා මත රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කල බව අප පසුගිය 12 වනදා වාර්තාකර සිටියා. ඉන්පසුව මොවුන් විසින් ඉන්දියානු නිලියන් මෙරටට ගෙන්වා ප්‍රභූවරුන්ට අලවිකිරීමේ වංචාවක් පිලිබදව කරුණු වාර්තා කර සිටි අතර මෙම ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකුවන ෆෙරෝස් ෆාරුක් නමැති මුස්ලිම් ජාතිකයා සතු දේපොළ පිලිබදව තොරතුරු රාශියක් අපවෙත ලැබී තිබෙනවා.

2015 වසරේ පෙබරවාරි 3 වනදා යහපාලන ආණ්ඩුව යටතේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශ මත ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකු වශයෙන් ෆෙරෝස් ෆාරුක් නැමැත්තා පත්කර ඇති අතර SLT VisionCom (Private) Limited and SLT Property Management (Private) Limited යන ආයතන දෙකේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරමින් සිටියි.

Lakeside Property Developers (Private) Limited, Manelwala Hydropower (Subsidiary of Pan Asia Power Limited) ඇතුළු තවත් සමාගම් කිහිපයක අධ්‍යක්‍ෂක වරයකු වශයෙන් කටයුතු කරන මොහු තම බලය සහ දේශපාලන සබදතා යොදාගනිමින් රජයේ ව්‍යපෘති තම පුද්ගලික සමාගම් හරහා සිදුකරදී විශාල මුදලක් සොයා ගනිමින් සිටින බවට මොහුට සමීප ආරංචි මාර්ගවලින් තහවුරු වේ.

මොහු සතුව පාක් රෝඩ් හී නිවසක් බම්බලපිටිය මිල අධිකම මහල් නිවාස සංකීර්ණයක නිවාස දෙකක් සිනමන් ග්රෑන්ඩ් හෝටලය අසල නිවාස සංකීර්ණයක ඇ.ඩො 540000 වටිනාකමින් යුත් නිවසක් මිරිහාන ප්‍රදේශයේ තවත් නිවසක් ඇතුළු තවත් විශාල වත්කම් ප්‍රමාණයක් පසුගිය වසර දෙක තුල උපයගන ඇත. මේ පිලිබදව කිසිවකුගේ අවධානයක් යොමුවී නැත්තේ යහපාලන ප්‍රබලයන් සමග ඇති සමීප සම්භාන්ධකම් වන අතර රජයේ ආයතනයක තනතුරක් දරන පුද්ගලයකු මෙවැනි වත්කම් ප්‍රමාණයක් ඉතා කෙටිකලකදී උපයාගත් අන්දම පිලිබදව පරීක්ෂණයක් සිදුකල යුතුව ඇත.

මංගලගේ සම්බන්ධිකරණ ලේකම් සහ ටෙලිකොම් අධ්‍යක්ෂක ඉන්දියානු ගණිකා ජාවාරමක

Related posts

කෝටිපති කතක් නිවස තුල මරා දමලා

colombotoday

“කැබිනට් රැස්වීම් නොපැවැත්වීම නීතියට පටහැනියි”

colombotoday

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11 සහ ගිනි අවි කිහිපයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

වසන්ත ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි.. වඩිවෙල් සුරේෂ් නැවතත් එජාපයට

colombotoday

ජනපති විල්පත්තුව ගැන ගත් තීරණයම ගනී.. නකල්ස් රක්ෂිතය පිළිබදව කැබිනට් මණ්ඩලයට උපදේශයක්

colombotoday

රත්තරන් මිල පහළට

colombotoday