Colombo Today Local News

ආණ්ඩුවේ ‘පික්පොකට් න්‍යාය’ ගැන හිටපු ජනපති කියන දේ (VIDEO)

President-Mahinda-Rajapaksa

වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ පික්පොකට් න්‍යාය බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

එහිදී අදහස් දැක්වූ රාජපක්ෂ මහතා,”මේ මට හොරා කියලා කිව්වනේ. දැන් මේක අර පික්පොකට්කාරයා ගහනවා වගේ වැඩක්. පික්පොකට්කාරයා පික්පොකට් එක ගහලා දුවන්නේ හොරෙක්, හොරෙක් කියලා. ඒ වගේ මේ ආණ්ඩුවත් පික්පොකට් න්‍යාය තමයි දැන් කරන්නේ. කතරගම දේවාලේ අලි අරන් ගිහිල්ලා දවස් 21යි. එක පාරට ජනාධිපති ඇවිල්ල එෆ්.සී.අයි.ඩී කාරයාට, සී.අයි.ඩී කාරයාට, අගමැතිට ඔක්කොටම වැදෙන්න දුන්නා. අපි එදා අල්ලස් කොමසාරිස්වරියට කිව්වා මේක දේශපානීකරණ වැඩපිළිවෙලක් කියලා. ඒක ජනාධිපතිවරයා පිළිගත්තා. දැන් අද ඒකට රිටන් එක දුන්නා අගමැතිවරයා. එතුමා පාර්ලිමේන්තුවේදී කියනවා අපිට පුළුවන් වුණා හොරුටික යහපාලනයට ගන්න කියලා. කාටද කියන්නේ හොරු කියලා? එතනට ගිය කට්ටියටනේ. ඒ කියන්නේ අපි නෑ. ඔය වචන කියනකොට පරිස්සම් වෙන්න ඕන. ඒ කියන්නේ හෙට යහපාලනයට යනවා නම් කවුරුහරි මන්ත්‍රීවරයෙක් හොරකම ඉවරයි. විනයක් තියෙන්න ඕනි රටක.” යනුවන් කියාසිටියේය.

වීඩියෝව පහතින්.

Related posts

මහනුවර ගිනියම් වෙද්දී අගමැති උලමා සභාව සමග විශේෂ සාකච්ඡාවක

colombotoday

කෝටි ගණන් සහල් වංචා කළ අනුරාධපුර සතොස ගබඩා පාලිකාව රිමාන්ඩ්

Admin

අජිත්.පී පෙරේරාගේ – සුජීවගේ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට තීරණය කරයි

colombotoday

රුපියල තවත් පහතට

colombotoday

2015 ආණ්ඩු පෙරළියෙන් ජනතාව පැරදුණා.. ජවිපෙ කියයි

colombotoday

ජනතාව වෙනුවෙන් වැඩකිරීම නිසා ඉල්ලා අස්වූ මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday