Colombo Today Local News

“වෙල්ගමගේ වත්ත වැටලීම මෝඩ, බොළද වැඩක්.. මිනිස්සු හිනාවෙනව“ ජනපතිගෙන් නැවතත් බයිපාස් ප්‍රහාරයක්

mithrepala-sirisena-02ඒකාබද්ධද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ වත්තේ වෙඩි නොවදින වාහන සගවා ඇතැයි පොලීසිය විසින් එම වත්ත වටලා පරීක්ෂාවට ලක් කිරීම බොළද ක්‍රියාවක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මෙම වැටලීම කලේ CIDද FCIDද කියා තමා නොදන්නේ වුවත් කවුරු කළත් ඉන් පොලීසිය මඩ ගාගත් බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, කවුරුන් කුමක් කීවත් මේවා බොළද වැඩ බවත්, මෙවන් වැඩ නිසා මුළු ආණ්ඩුවම අපහසුතාවට පත්වන බවත් පවසා ඇත. එසේ වාහන සගවා ඇත්තේ නම් මේ ආකාරයේ බොළද වැඩ නොකර ඒවා සොයාගන්නා ක‍්‍රම ඕනෑ තරම් ඇතැයිද කී ජනාධිපතිවරයා මේ සදහා ඕනෑ තරමි උපකරණ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ඇතැයිද පවසයි.

අන්තිමේදී වන්නේ මේ ආකාරයේ වැඩවලට ජනතාව සිනාසීම පමණක් යයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

Related posts

තිළිණි ප්‍රියමාලි කල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට

Admin

තහනම ඉවත් කිරීමෙන් පසු මාළු ටොන් 78ක් යුරෝපයට

colombotoday

දළදා මාලිගය අසල පාර අරිනවාට මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම විරෝධය: නිළ වශයෙන් කියයි

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 2620ක්

colombotoday

මුස්ලිම් පල්ලියක සිකුරාදා යාච්ඥාව පවත්වලා | 14ක් පල්ලියේම නිරෝධායනයට

colombotoday

කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සුනිල් ආරියරත්නට

Admin