උතුරේ හමුදාව රැඳී සිටීම සහ බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කරන බව ඇමරිකානු තානාපති අතුල් කේශාප් මහතා යාපනයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර ඇත.
උතුරේ සිටින හමුදාවෙන් තර්ජන එල්ල වූවොත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණීලි කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර ඇමරිකානු තානාපතිවරයා කර ඇති මෙම ප්‍රකාශ තානාපතිවරුන් සම්බන්ධ වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. උතුරේ සිවිල් සංවිධාන විසින් ඇමරිකානු තානාපතිට ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධ සාවද්‍ය පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය