ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාද සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු කර චූදිතයන්ට දඩුවම් දිය යුතු බවට තමන් පෙර සිටි ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
ඒ සම්බන්ධයෙන් සහනදායි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ලංකාව සහ ඇමෙරිකාව සමග ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරයන කතාවේ සත්‍යතාවක් නැතැයි ද එම පක්ෂය පවසයි.