Colombo Today Local News

රාජ්‍ය ආයතන 30ක් අනතුරේ.. IMF උපදෙස් මත ප්‍රාග්ධන වියදම් කපා හැරීමට යයි

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 12ක ණය මුදල ලබා ගැනීම සදහා එක් කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන 30ක ප්‍රාග්ධන වියදම් කපා හැරීමට උපදෙස් ලැබී ඇති බව තොරතුරු වාර්තා වේ.

ඊට අමතර අදාළ ණය මුදල ලබා ගැනීම සදහා තවත කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති අර ඉන් එක් කොන්දේසියක් වී ඇත්තේ මෙරට දළ දේශීය නිෂ්පාදනය 5.4% දක්වා අඩු කිරීමයි. රජය ඒ වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශ 30ක ප‍්‍රාග්ධන වියදම් කපා හැරීමට සැලසුම් කර ඇත.

අනෙක් කොන්දේසිය වී ඇත්තේ බදු ප‍්‍රතිසංස්කරණයක් කිරීමයි. මේ අනුව ඉදිරියේදී රාජ්‍ය ආයතන රැසක් අර්බුදයට පත්වීමේ අවධානමක් පවතින බවටද තොරතුරු වාර්තාවේ.

විදුලි බලමණ්ඩලය, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, ඛණිජ තෙල් සංස්ථාව, ලංකා ගමනාගමන මණ්ඩලය සහ රාජ්‍ය බැංකු කිහිපයක් පෞද්ගලීකරණය කිරීමටද අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා වියදම් දැඩි ලෙස කප්පාදු කිරීමටද සැලසුම් කර ඇති බව අනාවරණය වේ.

Related posts

කෘෂිකර්ම ගැටලු කාර්යක්ෂමව විසඳන්න කාර්ය සාධක බලකායක්

Admin

කැපූ අත්ත ධාවනය වූ යතුරු පැදියට වැටී ගුරුවරයා මරුට

colombotoday

අගමැති ඉන්දියාවේ සිට ආ සැනින් ගෝඨාභය අත්අඩංගුවට !

colombotoday

පානදුරේදී හෙරොයින් ග්‍රෑම් 422ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අල්ලයි

colombotoday

ශරීරයට අහිතකර වර්ණක අඩංගු සහල් අලෙවි කිරීමේ ජාවාරමක්

colombotoday

ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැර ගෙන කරපු වැඩේ

Admin