Colombo Today Local NewsTop Stories

සේවා සගයින්ගේ නිරුවත් දසුන් පටිගත කළ වයඹ සරසවි ඇදුරා දැලේ!

විශ්වවිද්‍යාල වැසිකිළියේ කැමරා අටවා කථිකාචාර්යවරුන්ගේ සහ කථිකාචාර්යවරියන්ගේ නිරුවත් දර්ශන ලබා ගත් වයඹ සරසවියේ කථිකාචාර්යවරයෙකු අත් අඩංගුවට ගෙන තිබේ..

34 හැවිරිදි වියේ පසුවන සැකකරු එම විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ සහ පෝෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකු ද වෙයි.

පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව එළඹෙන 15 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැඩ බැලූ මහේස්ත්‍රාත් බන්ධුල විජේසිංහ මහතා නියම කර ඇත.

එමෙන්ම පොලිසිය ඉකුත් 02වනදා සැකකරු බී වාර්තාවක් මගින් ඉදිරිපත් කරමින් සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට කළ ඉල්ලීම අනුව බන්ධනාගාරය මගින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ මානසික සායනයට ඉදිරිපත් කර ඉදිරි දිනයේ වාර්තාවක් කැඳවන ලෙසද නියම කරන ලදි.

කථිකාචාර්යවරියන් 7 දෙනෙකු හා සැකකරුද ඇතුලුව කථිකාචාර්යවරුන් 9 දෙනෙකු භාවිතා කරන වැසිකිළි පද්ධතියේ මුහුණ සෝදන පිඟන් ගඩොල් බේසමේ යට කොටසේ විද්‍යුත් ආරෝපිතයක් ද සම්බන්ධ කර රහසිගත ලෙසින් සවිකොට තිබූ කුඩා කැමරාවක් මගින් මෙම නොමනා ක්‍රියාව සිදු කොට ඇති අතර, කථිකාචාර්යවරියක් කැමරාව දැක පාලන අධිකාරියට දැනුම්දී තිබේ.

අනතුරුව පොලිසියට කළ දැනුම්දීමෙන් පසුව මේ පිළිබදව සොයාගත් බව පොලිසිය සැකකරු බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වන ලදි.

එහිදී එක් කථිකාචාර්යවරියක් මුහුණ සෝදන බේසම යටින් කලුපාට වයර් කැබැල්ලක් එල්ලෙමින් තිබෙනු දැක සැක සිතී සහෝදර කථිකාචාර්යවරියකට පැවසීමෙන් අනතුරුව කල නිරීක්‍ෂණයේදී මෙය වයිෆයි සළකුණද සහිත ඉතා කුඩා ප්‍රමාණයේ අධි තාක්‍ෂණික කැමරාවක් බවට හඳුනාගෙන ඇත.

ඒ බව දක්වමින් අධිකරණයේ අවධානය යොමු කරවමින් ඒ අනුව පටිගතවන දසුන් වෙනත් ස්ථානයක ගබඩා වන බවට නිගමනය වී ඇති අතර මෙම වැසිකිළි පද්ධතිය එම කථිකාචාර්යවරුන්ගේ බාලවයස්කාර දරුවන්ද භාවිතා කරන බැවින් මෙම වීඩියෝ දසුන් වෙනත් තෙවැනි පාර්ශවයන් වෙත යාමේ අවධානමක්ද ඇතැයි නීතිඥ මහතා අධිකරණයට අවධාරණය කරන ලදි.

එමෙන්ම මෙම නේවාසිකාගාර සංකීරණයේ මේ වනවිට කථිකාචාර්යවරුන් 9 දෙනෙකු නේවාසිකව ඇති බවත් ඉන් 7 දෙනෙකුම කාන්තාවන් බවත් වින්දිත කථිකාචාර්ය පාර්ශවය වෙනුවෙන් කරුණු කී නීතිඥවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම කැමරාව දැක ඒ පිළිබඳ සාකච්ඡාවට බඳුන් වීමත් සමගින් සැකකාර කථිකාචාර්යවරයා එම නේවාසිකාගාරයෙන් පිටව ගොස් තිබූ අතර පාලන අධිකාරිය සමගින් සැකකාර කථිකාචාර්ය වරයාගේ ජීවදත්ත පත නිරීක්‍ෂණය කිරීමේදී සැකකාර කථිකාචාර්යවරයා පරිඝණක හා ජාලකරණයේ කෙලපැමිණි අයෙකු බව සඳහන් බවත් වින්දිතයින්ගේ හා ඔවුන්ගේ දරුවන් පිළිඳව තිබූ අනාගතය කෙරෙහි ඇති බිය ඒ හරහා දෙගුණ තෙගුණ වූ බවත් නීතිඥ මහතා අධිකරණයේ අවධානය යොමු කරවන ලදි.

සැකකාර කථිකාචාර්යවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරු කියාසිටියේ මෙම සිදුවීම ඇප පනතේ වගන්ති ප්‍රකාරව ඇප නොදිය හැකි තත්වයක නොමැති බවයි.

එබැවින් ඉදිරියේ පවත්නා සියලු විමර්ශන සඳහා බලපෑම් නොකර පූර්ණ සහයෝගය දක්වන බව පවසමින් සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලා සිටින ලදී.

කෙසේවෙතත්, ඉදිරිපත්ව තිබූ කරුණු කෙරෙහි අවධානය යොමු කල වැඩ බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප සම්බන්ධව මේ අවස්ථාවේ සලකා බැලිය නොහැකි බව ප්‍රකාශ කරමින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන ලදී. බී වාර්තාවකින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වින්දිත කථිකාචාර්යවරුන් සියලුදෙනා අධිකරණයට පැමිණ තිබීම විශේෂත්වයක් විය.

සටහන – සත්සරණී

Related posts

සෙම්බුවත්ත වැවට අලුත් ඉතිහාසයක් පටබදියි.. නබිතුමා රන් සෙම්බුවකින් නාපු වැවලු… ශුද්ධ වූ ජලය නෑමට අරාබි ජාතිකයන් බුරුතු පිටින් එයි…

colombotoday

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව

colombotoday

මෙරට උද්ධමනය තවත් පහළ යයි

Admin

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

colombotoday

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Admin