Colombo Today Local NewsTop Stories

වසර හතක් සැඟවූ අපරාධයක් වෙනුවෙන් වෛද්‍ය තුෂ් යුක්තිය ඉල්ලයි

“මගේ දියණිය මානසික ලෙඩෙක් වෙනතුරුම ඇගේ පාසලෙන් වධ හිංසා කළා”

හිටපු අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ දියණිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක මෙසේ චෝදනා කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මහපාරේ සිටගනිමින්.

ඒ, වසර හතක් පුරා දේශපාලන බලපෑම් මත යටපත් කළ ඇගේ බාලවයස් දියණියගේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලමිනුයි.

“2018 වසරේ දී මගේ දියණියට ඇය ඉගෙනුම ලැබූ මීගමුවේ ගේට්වේ ජාත්‍යන්තර පාසලෙන් ඇය මානසික ලෙඩෙක් වෙනතුරුම කුරිරු වදහිංසා කළා.

මේ පාසල් සමූහය අයිති හිටපු පොලිස් ඇමති ටිරාන් අලස්ගේ සොයුරා වන හර්ෂ අලස්ට.

මගේ දරුවා සම්බන්ධ නඩුවට හිටපු ජනාධිපති සිරිසේනගේ ලේකම් බලපෑම් කළා.

ළමාරක්ෂක අධිකාරියෙන් පාසැලට ගිය විටදී ඔවුන්ගෙන් බලපෑම් එල්ල වුණා. ටිරාන් අලස්ගේ පත්තරෙන් ළමාරක්ෂක අධිකාරියට පහරදුන්නා.

මේවා පිටුපස හිටපු ලේකම් සිරිසේනගේ ඥාතියෙක්.

මානව හිමිකම් කොමිසමේ නිලධාරිණියක් මගේ දුවගේ ෆයිල් එක ගෙදර අරන් ගිහින් ගේට්වේ පාසලේ බලධාරීන්ට තොරතුරු දුන්නා.

මේක බරපතල වෘත්තීය විෂමාචාරයක්”

මේ ඇගේ කථාවේ සාරාංශයක් පමණි.

මෙම අපරාධය පිළිබඳ බොහෝ තොරතුරු සමාජය ඉදිරියේ නොසඟවා හෙළි කරන්නට ඇය ඉකුත් 10 වැනි සඳුදා සිට සෑම සඳුදාවකම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට එන්නට අදිටන් කරගෙන සිටින්නීය.

දේශපාලනයේ කුරිරු හස්තය යට සැඟවූ අමානුෂික ඛේදවාචකයක සැබෑ තතු ඒ අනුව ඉදිරියේදී දිගහැරෙනු ඇතැයි අපි විශ්වාසයෙන් බලා සිටිමු.

සම්පූර්ණ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැකිය.

සටහන – Chalana

Related posts

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

colombotoday

රාජිතගේ ටිකට් කපන්න ලංකාවෙන් 140ක් ගිහින් ! ටිකට් කැපූ රාජිත යාබද සුපිරි නිවාස සංකීර්ණයක විවේක සුවෙන්

colombotoday

අනවසර ගබ්සා පෙති 16.930 ක් කටුනායකදී අත්අඩංගුවට !

colombotoday

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

Admin

ෆොන්සේකා වහාම එජාපයෙන් පන්නා දැමිය යුතුයි – තෙවරප්පෙරුම නොනවතී…

colombotoday

පොදු හතුරා එළෙව්වා.. ඒ මදිද.. පොඩ්ඩක් ඉවසන්න.. සහන පෝළිමක් එනවා – සුජීව

colombotoday