Colombo Today Local NewsTop Stories

අර්චුනාට බඩු බනිස් – මාලිමාවෙන් කෙළවයි

අවසානයේ මන්ත්‍රී රාමනාදන් අර්චුනාට එරෙහිව පියවරක් ගන්නට ශ්‍රී ලංකා ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව සමත් වී තිබේ.


මෙම පුවත සැලවූයේ අතුරුදන් පොලිස්පති හමූවීමෙන් අමන්දානන්දයට පත් ජනතාව ප්‍රීතිඝෝෂා නගමින් ජයපැන් බොමින් සිටින අතරවාරයේය.


එහෙයින්ම, බ්‍රේකින් නිවුස් එකක් වන්නට තිබූ පුවතක් ඇතුළු පිටු වලට විතැන් වී තිබේ. එය ආණ්ඩුවට වාසියක් වන්නේ මෙම තීන්දුව සම්බන්ධයෙන් එල්ලවීමට නියමිත දේශපාලන රිටර්න් එකේ බර මොහොතේ වාතාවරණයත් සමග හෑල්ලු වන නිසාය.


කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවට පය තැබූ දා සිට පිස්සු කෙළින මේ අමු ගවයා මේ තරමින් හෝ ගැටගසා දැමීමට පුනරුද අප්පුහාමිලාට හැකියාවක් ලැබීම ගැන අපගේද සාතිශය සතුට පළ කොට සිටිමු.


අර්චුනාට මෙසේ පැනවෙන්නේ තාවකාලික වාරණයකි.

කල්ක්‍රියාව බලා ඉදිරි පියවර ගන්නට නියමිත බවක් කතානායකවරයාගේ ප්‍රකාශයෙන් හැඟෙයි.


මන්ත්‍රී රාමනාදන් අර්චුනා මේ පාරවත් හැදෙයිද?

කතානායකවරයා මේ සම්බන්ධයෙන් කළ විශේෂ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.

සටහන – Chalana

Related posts

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර කිරීමට සූදානම්

Admin

රුපියල තවත් පහළට

Admin

ජාති භේදයෙන් තොරව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු සුදානම්

colombotoday

වසර 110කට පසු හෙන්රි පේද්‍රිස්ට ජනාධිපති සමාව හිමිවෙයි

Admin

“ශ්‍රී පාදය“ නම සිංහලෙන් තිබීම සංහිදියාවට බාදාවක්… පැරණි නාම පුවරුවම සවි කරන්න සංහිදියා ඇමති නියෝග කරයි

colombotoday

වොක්ස්වාගන් කාර් කම්හල අරින්න කුලියාපිටියෙන් ඉඩමක් වෙන් කරයි

colombotoday