Colombo Today Local News

පාස්පෝට් කාර්යාලයට විරුද්ධව මානව හිමිකම් යයි

ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධානීන් ජන මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවත්, 1962 දරණ ක්ෂණික ඇමතුම් අංකයට ප්‍රතිචාර නොමැති බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පැමිණිල්ලක් සිදුකර තිබේ.

ආගමන විගමන පාලක ජනරාල්ගේ කාර්යාලයීය හා ජංගම දුරකතන අංකයටත්, අතිරේක පාලකගේ ජංගම දුරකතන අංකයටත් දින දෙකක සිට ඇමතුම් ලබා ගත්තද ඊට කිසිදු ප්‍රතිචාරක් නොදක්වන බවද පැමිණිල්ලේ සඳහන් වේ.

ජනවාරි 7 වන දා උදෑසන 10:00 සිට සවස 4:30 වන තෙක් ද, ජනවාරි 8 වන දා උදෑසන 10 සිට සවස 4:30 වන තෙක් ද ජනවාරි 9 වන දා උදෑසන 11:00 සිට සවස 12:30 වන තෙක් ද දුරකතන ඇමතුම් 50කට වඩා සංඛ්‍යාවක් ජනමාධ්‍යවේදීන් විසින් ලබා ගනු ලැබුව ද ඉහත සඳහන් කළ කිසිම දුරකතන අංකයකට අදාළ බලධාරීන් හෝ ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල පිරිස් හෝ ප්‍රතිචාර නොදක්වන බව ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

ආගමන විගමන පාලක ජනරාල්ගේ +94 11 2 101551 දරණ කාර්යාලයීය දුරකතන අංකයට ඇමතුම් ගත්ත ද ප්‍රතිචාර දක්වන්නේ නැතැයි මාධ්‍යවේදීහු රැසක් ම පවසති. ඊට අමතරව, අතිරේක පාලකගේ +94 11 2 101552 දරණ කාර්යාලීය අංකයටත්, +94 112 101 500 දරණ පොදු අංකයටත්, 1962 දරණ ක්ෂණික ඇමතුම් අංකයටත් අවස්ථා ගණනාවකදී ඇමතුම් ලබා ගත්තද කිසිවෙකු ඊට ප්‍රතිචාර නොදක්වන බවට ද ඔවුහු වැඩිදුරට ත් චෝදනා කර සිටිති.

Related posts

HIV ව්‍යප්තියේ වැඩිවීමක් මෙම වසරේ සිට වාර්තාවිය හැකි – නීතිවේදී කෞශාල් රණසිංහ

colombotoday

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත්

colombotoday

සමලිංගික සූත්‍ර ගෙනාපු මංගල සමරවීර ඉස්සරහට අපිට ජංගියත් නැති කරනවා – මාධ්‍ය හමුවකදී මංගලට කුණු බැණුම්

colombotoday

කැකිල්ලේ තීන්දු ඇති කියලා හිතන්නේ නෑ. නමුත් කොමිසමේ කාට හරි ආරූඩයක් හැදුනද දන්නේ නෑ. විද්දේ පඳුරට වැදුනේ හාවට වගේ. අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. – ඥානසාර හිමි

colombotoday

සීමා නිර්ණ වාර්තාව ඇමති මුස්තාපා ප්‍රතික්ෂේප කරයි

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ !

colombotoday