Colombo Today Local News

මහමෝලෙක් පක්ෂ කාර්යාලයකට පැන යකා නටයි

ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක මූලස්ථානයට ආසන්න දිනක පැමිණි ප්‍රසිද්ධ සහල් මෝල හිමියකු එහි සෙවකයන්ට පවා බැන වදිමින් කාර්යාලය දෙවනත් කර ඇති බව වාර්තා වෙයි.

ගිය ජනාධිපතිවරණයට සහ මහා මැතිවරණය වෙනුවෙන් පක්ශයට රුපියල් මිලියන 500ක පමණ මුදලක් තමන් වියදම් කළ ඔහු පවසා තිබේ.

එම මුදල් පක්ෂ නායකයාටත් මැතිවරණ කටයුතු මෙහෙයවන අයෙකුටත් ලබා දුන් බවත් හෙතෙම සඳහන් කර ඇත.

එහෙත් තමනට පොරොන්දු වු පරිදි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා නොදුන් බව පවසමින් ඔහු මෙසේ බැණ වැදී ඇත.

එහි සිටි නිලධාරින් පවසා ඇත්තේ ඒ සම්බන්ධව පක්‍ෂ නායකත්වය හා මුදල් ලබා දුන් අය සමග කතා කරගන්නා ලෙසත්ය.

Related posts

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

colombotoday

උත්සව සමයේ ව්‍යාජ මුදල් සැරිසැරීමේ අවදානමක්

colombotoday

ඇමති රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ඉල්ලයි !

colombotoday

“ප්‍රභාකරන් මගේ සතුරෙකු නොවේ.. ප්‍රභාකරන්ට වඩා මහින්ද ද්‍රෝහියෙක්, දුෂ්ඨයෙක්” – ෆොන්සේකා

colombotoday

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

colombotoday

ශ්‍රී ලාංකිකයින් 5800කට කොරියාවේ රැකියා

colombotoday